රැකියාවෙන් පසුව ඔබට හිමිවන මූල්‍ය පහසුකම් නැතිනම් "පාරිතෝෂික (Gratuity) ගෙවීම්" ගැන ඔබ හරියටම දැනුවත්ද..? අදම බලන්න..(VIDEO)

Government Employee Department of Immigration & Emigration Foreign Employment Bureau employee provident fund
By Sewvandhi Jan 26, 2024 03:14 PM GMT
Report

ඔබත් පාරිතෝෂික (Gratuity) ගෙවීම් ගැන දැනුවත්ද? බොහෝ දෙනෙක් සිතන්නේ ජීවිතේ සැදෑ සමයේදී තමුන්ට ඉතිරි වෙන්නේ EPF හා ETF එක විතරයි කියලා.

නමුත් අද අපි කත කරන්නේ සේවය අවසාන කරපු සේවකයෙකුට සිය ආයතනයෙන් ලැබෙන වටිනාකමක් ගැනයි. මේ මුල්‍යමය වටිනාකම්. ඒ තමයි සේවක පාරිතෝෂික. මේ ගැන ඔබ හ්රියටම් දැනුවත්?

සේවකයෙක් ආයතනයට ලබාදෙන සේවය වෙනුවෙන් ඔවුන්ගේ සේවය අවසන් කල පසු ආයතනය විසින් සේවකයාට ලබදෙන දීමනාවක් විදිහට සේවක පාරිතෝෂික හදුනාගන්න පුළුවන්. මෙය නිත්‍යනුකුලවම ලැබෙන දීමනාවක් කිඋවොත් නිවරදි.

1983 අංක 12 දරන පාරිතෝෂික ගෙවීම් පනතේ සුදුසුකම් සපුරන සේවකයන්ට අදාළ වේ. මෙම පනතත අනුව පාරිතෝෂික හිමිකම් සඳහා සම්පූර්ණ කළයුතු සුදුසුකම් ලෙස

* සේවකයෙකුගේ සේවය අවසන් වන හෝ අවසන් කරන දිනට පෙර මාස 12ක කාලය තුල අදාළ ආයතනය තුළ සේවකයන් 15දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සේවය කිරීම. හා

* අවුරුදු 05ක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කර තිබීය යුතුය.

ගෘහසේවකයන්, පෞද්ගලික රියදුරන්, දායක නොවන විශ්‍රාම වැටපකට හිමිකම් ඇති සේවකයන්, රජයේ සේවකයන්, පලාත් පාලන ආයතනවල සේවකයන්, සමුපකාර කොමිෂන් සභා සේවකයන්ට පාරිතෝෂික හිමිවන්නේ නැහැ. මෙහිදී සේවකයා ස්ථිරද, කොන්ත්රත්පදන්මේ සේවක්යෙක්ද හෝ තාවකාලික සේවක්යෙක්ද යන්න අදාල වෙන්නේ නැහැ ඔහු පනතේ සුදුසුකම් සපුරා ඇති සේවකයෙක්නම් ඔවුන්ට පාරිතෝෂික හිමිවෙනවා.

මෙකි පාරිතෝෂික ලබා ගැනීම සඳහා ඔබ කිසිදු අයදුම්පතක් සම්පූර්ණ කිරීම අවශ්‍ය නොවන අතර, ඔබ සේවයෙන් ඉවත් වී, ඉවත් වූ දින සිට මාසයක් ඇතුලත සේවායෝජක විසින් පාරිතෝෂික ගෙවීම කළ යුතුය. මේ සදහා අවසන් මස වැටුප් ලේඛනය, සේවක ප්‍රකාශය / දිවුරුම් ප්‍රකාශය හා පැමිණීමේ ලේඛන ආදි ලියකියවිලි ඇතැම්විට අවශ්‍ය විය හැක.

එය ගණනය කන්නේ එක් සේවා වර්ෂයකට මාස 1/2 ක වැටුප බැගින් සේවාය කරන ලද කාලය අනුවයි. පාරිතෝෂිකය ගනන් බැලීමේදී සේවකයා ලැබූ අවසන් වැටුප පදනම් වේ. ඉතින් මේ පාරිතෝෂික මුදල් සේවායෝජකයකු විසින් ගෙවීම් පැහැර හරිනු ලැබුවහොත් සේවය කල ආයතනය අයත්වන ප්‍රදේශයේ පිහිටි කම්කරු කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන් ඔබට පුළුවන්.

මෙලෙස සේවායෝජකයකු විසින් පාරිතෝෂික ගෙවීම ප්‍රමාද කරන විට ඒ සඳහා අධිභාර ගෙවීමක කල යුතුයු. එය, පාරිතෝෂික ගෙවීමට නියමිත අවසන් දින සිට මසකට නොවැඩි කාලයක් හිඟ පවතින විට - 10% පාරිතෝෂික ගෙවීමට නියමිත අවසන් දින සිට මසකට වැඩි සහ තෙමසකට නොවැඩි කාලයක් හිඟ පවතින විට - 15% පාරිතෝෂික ගෙවීමට නියමිත අවසන් දින සිට තෙමසක වැඩි සහ සය මසකට නොවැඩි කාලයක් හිඟ පවතින විට - 20% පාරිතෝෂික ගෙවීමට නියමිත අවසන් දින සිට සය මසකට වැඩි සහ දොලොස් මසකට නොවැඩි කාලයක් හිඟ පවතින විට - 25% පාරිතෝෂික ගෙවීමට නියමිත අවසන් දින සිට දොලොස් මසකට වැඩි කාලයක් හිඟ පවතින විට - 30% මුදලක් ගෙවිය යුතුය;

මෙම පාරිතෝෂික අරමුදල යටතේ ගෙවිය යුතු මුදල ඔවුන්ගේ විශ්‍රාම යෑමේදී, අස් වීමේදී හෝ අස් කිරීමේදී එම සේවකයින්ටද, එම සේවකයාගේ මරණයකදී ඔවුන්ගේ නීත්‍යානුකූල උරුමකරුවන්ටද පාරිතෝෂීක ලැබීමට අයිතියක් ඇත. නමුත් ඔහු සේවයේ සිටියදී සේවා සත්න්යට අල්බයක් හෝ වන්ච්වක් සිදු කර ආයතනයෙන් ඉවත් කරේ නම් අදිකරණයේ නඩු තීන්දුවකින් අනතුරුව ඒ මුදුල සේවක පාරිතෝෂික අය කරගනු ලබනවා.

පහත වීඩියෝවෙන් මේ ගැන තවත් දැනුවත්වන්න..

Sponsored By Sarrita Jewellery

රැකියාවෙන් පසුව ඔබට හිමිවන මූල්‍ය පහසුකම් නැතිනම් "පාරිතෝෂික (Gratuity) ගෙවීම්" ගැන ඔබ හරියටම දැනුවත්ද..? අදම බලන්න..(VIDEO) | How To Get Gratuity Payments