මරණ පරීක්ෂණයකදී වයස සොයන හැටි.

By Wayomi Aug 21, 2022 09:49 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

සාමාන්‍යයෙන් මරණ පරීක්ෂණයකදී මළ සිරුරක් හඳුනාගැනීමේ සිට ඝාතනයක්ද< ස්වාභාවික මරණයක් යන්න, වගේම සාක්ෂි පවා සොයා ගැනීමට අධිකරණ වෛද්‍යවරයාට හැකියාව තියෙනවා. මරණ පරීක්ෂණයකදී යොදාගන්න ක්‍රම කිහිපයක් ගැන මීට කලිනුත් ලිපි වලින් කතා කළා. ඉතින් අදත් කියන්න යන්නේ එවැනිම ක්‍රම කිහිපයක් ගැනයි.

වයස සෙවීම

? පුද්ගලයෙකුගේ මුවෙහි යටි හනුවෙහි දත් නොපිහිටන අතර මාස 6 ක්‌ ගතවූ පසු ක්‍රමයෙන් මෝදු වෙනවා.

? වයසට යත්ම එනමලය ගෙවීම,කල්ක කුහරය තුල"දන්තනිය "තැන්පත් වෙනවා.දත් බදාමය දත් මුල් වටා පිරෙනවා.

? මෙවන් වෙනස් වීම් තුලින්ද මළ සිරුරක වයස නිගමනය කල හැකියි. ( මීට අමතරව තවත් ක්‍රම කිහිපයක් තියෙනවා)


නිය පහරවල්

?️ ගෙල මිරිකමකදී ,ඝාතකයා යමෙකුගේ ඉදිරියෙහි සිට ගෙල මිරිකිමකදී ද පසු පස සිට එම කාර්යය කිරීමකදී ඇති වන නිය පහරවල් හී ද මනා වෙනස් කමක් දැකිය දැකිය හැකියි. ලේ පැල්ලම්

?️ පිහි ඇනුමක්‌ වැනි ලේ වගුරුම් සහිත මරණයකදී අදාල පැල්ලම් සහිත රෙදි කැබලිද ,පිහියක් ඇත්නම් එයද "බෙන්සිසීන්"නම් ද්‍රව්‍යයක් ඇසිටික් අම්ලයේ දිය කර පිළියෙළ කරන ද්‍රාවණයක (දුඹුරු පැහැති )ගිල්වනවා.

?️ ඉන්පසුව එහි පැහැය වෙනස් වීම පිලිබඳ නිරීක්ෂණය කරන අතර පසුව හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් (තුවාල සේදීමට ගන්නා ) බිංදු කිහිපයක් එකතු කර පැහැය නිරීක්ෂණය කරනවා.

?️ මෙහිදී පැහැය වෙනස් නොවුවොත් රුධිරය විය නොහැකි බව උපකල්පනය කරන අතර එයින් නොනැවතී ස්පටික පරීක්ෂාවක් ද සිදු කරනවා.(මෙය 1853 ටිශ්මාන් නම් අයෙකු සොයාගෙන ඇත).

?️ එහිදී ස්පටික ද දුඹුරු පැහැයක් ගනී නම් රුධිරය බව තහවුරු කර ගනියි.


වෙඩි තැබීම්

?️ ගිනි අවියකට "බුසිය"නම් කොටසක් ඇති අතර වෙඩි තැබීමේදී එයින් කොටසක් සිරුර තුලට කිඳා බසිනවා.

?️ වෙඩි බඳිනා තුවක්කුවක නම් එය සමන්විත වන්නේ බොහෝ විට කඩදාසි ඇබයකින් හෝ රෙදි කැබැල්ලකින්.

?️ මෙය පතරොම් තුවක්කුවක ඇත්තේ මනා ලෙස රවුම් හැඩයට කැපු ඝනකම් කඩදාසියක්.

?️ මෙයින් තුවක්කු බටයේ බඳ ප්‍රමාණය පිලිබඳ තොරතුරු ලබා ගත හැකියි.

?️ සාමාන්‍යය තුවක්කුවක දැමිය හැකි පතරොම් ප්‍රමාණය එකකි.

?️ ඒ, නිසා එක ප්‍රහාරයක් අවසන් වී අනෙක්‌ පතරොම දැමීමේදී පරණ පතරොම් කොපුව එළියට පැනීමක් දකින්න පුළුවන්.

?️ සාමාන්‍යය අවස්ථාවකදී ප්‍රහාරකයා මෙය අහුලා ගන්නා අතර මිනී මැරුමකදී ඇති වන කලබලයත් සමඟ ඝාතකයාට මෙය බොහෝ විට ගැනීමට අමතක වෙනවා.

?️ මෙහිදී පොලිස් නිලධාරීන්ට සැක පිට තුවක්කු අත්අඩංගුවට ගත හැකි අතර ආසෘත ජලය දමා සෝදා ඉවත් වන ජලයෙන් නිවැරදිව අදාල ඝාතක තුවක්කුව සොයා ගත හැකියි. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW