හිස්සොරි නම් ඇත්තටම කරදරයක්.. කොහොමද මිදෙන්නේ ඔබත් අත්හදා බලන්න.

Dandruff Skin Cancer Skin Care
By Sithumini Jan 04, 2025 09:13 AM GMT
Report

හිස්සොරි කියලා කියන්නේ බොහෝ දෙනෙකු පීඩා විදින ගැටලුවක්. ඒ නිසාම බොහෝ දෙනෙක් මේ හිස්සොරි ගැටලුවෙන් මිදෙන්නට කළ යුතු දේ පිළිබදව නිරන්තරයෙන් සිතමින් ඉන්නවා.

කොච්චර දේවල් කළත් තවමත් ඔයාට ඒ ගැන විසදුමක් නැත්නම් අනිවාර්යයෙන්ම මේ දේවල් කරල බලන්න.

පේර කොල තැම්බූ වතුරෙන් හිස සෝදා හරින්නེ. ඔබේ හිස කෙස් පේර කොල තැම්බූ වතුරෙන් සෝදාහරින්න එය ඔබේ හිස් කබලෙහි ඇති හිස් හොරි ඉවත් කිරීමට ඉතාමත්ම හොදයි.

උළුහාල් මේස හැඳි තුනක් රාත්‍රිය පුරා පෙඟෙන්නට හැර පසුදින උළුහාල් සහ පෙඟෙන්නට දැමූ වතුර ගෙන කරපිංචා ඉති පහක කොළ, පොල් මේස හැඳි තුනක් බ්ලෙන්ඩර් කර පසුව එයට පොල්තෙල් එක්කර හිසෙහි ගල්වන්න. පැයක් පමණ තබා සෝදා හරින්න. මෙය සතියට දින දෙකක් සිදුකරන්න.

කෝමාරිකා මදය සූරා හිසෙහි ගල්වා පැයකට පමණ පසුව සෝදාහරින්න.

ෂැම්පු කිරීමෙන් පසුව සුදු විනාකිරි කෝප්ප භාගයකට ජලය කෝප්ප 2ක් මිශ්‍ර කර හිසේ ආලේප කරන්න. මෙය සතියකට එක්වරක් කිරීමෙන් ඔබේ හිස්සොරි ඉවත් කර ගැනීමට හැකිවේ. 

 මීට අමතරව ඔබ ඔබේ හිසෙහි ගල්වන ශැම්පු වල පැරබන් සහ සල්ෆේට් ෆ්‍රී ශැම්පු සැම විටම තෝරා ගන්න. 

 සෑම විටම ඔබටම වෙන්වූ පනාවක් භාවිත කරන්න. හැකි තරම් සිසිල් ජලයෙන් ස්නානය කරන්න.