ප්‍රමිතියෙන් උසස් Sanitizer එකක් තෝරාගන්නේ කොහොමද?
විකෘති වෙලා එක එක ප්‍රභේද වලින් covid වසංගතය ආයේ ආයෙත් හිස ඔසවනවා. ඒ නිසා මාස්ක් එකයි, Sanitizers එකයි අපිට ඉස්සරහට නැතුවම බැරිවෙයි. විවිධාකාර සන්නාම යටතේ Sanitizers වර්ග ඕන තරම් වෙළඳපොලේ දකින්න ලැබෙනවා. හැබැයි ගොඩක් අය පුරුදුවෙලා ඉන්නේ සුවඳ අනුව Sanitizers තෝරාගන්නනේ. හැබැයි මතක තියාගන්න කිසිම දෙයක් පිට ඔපය බලලා ගන්න එපා. Sanitizers එක වුණත් තෝරා ගද්දි හොඳම එක තෝරාගන්න ඕන. ඒ නිසා Sanitizers ගන්න කලින් මෙන්න මේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න.
ප්‍රමිතියෙන් උසස් විෂබීජ නාශක දියරයක් තෝරාගන්නේ කොහොමද?
ඇල්කොහොල් ප්‍රතිශතය
🤲 වැඩි ක්‍රියාකාරීත්වයකින් යුක්ත Sanitizer වල අවම වශයෙන් 60%ක් හා වැඩිම වශයෙන් 85%ක් පමණ ඇල්කොහොල් තිබිය යුතුයි. සාමාන්‍යයෙන් 70% කට ආසන්න ප්‍රමාණයක් ඇල්කොහොල් තියෙන්න ඕන.
අඩංගු ඇල්කොහොල් වර්ගය
🤲 ඇල්කොහොල් වර්ග කිහිපයක්ම Sanitizer නිෂ්පාදනයට භාවිතා කරනවා. එතනෝල් හා ඉසොප්‍රොපිල් යන ඇල්කොහොල් වර්ග දෙක බහුලව භාවිතා වන අතර, එතනෝල් වෛරස හා බැක්ටීරියා වලට එරෙහිව සක්‍රීයව ක්‍රියා කරන අතර සමටද හානිදායක බවින් අඩුයි.
අඩංගු අනෙකුත් දෑ
🤲 බොහෝ Sanitizers වල ඇල්කොහොල්, ජලය හා සුවඳ කාරක පමණක් අඩංගු වෙනවා. Sanitizer එකේ අඩංගු දේවල් වලටත් වැඩි අවදානයක් ලබා දෙනවා නම් ගොඩක් හොඳයි.
නිෂ්පාදිත ස්ථානය
🤲 බොහෝ විෂබීජ නාශක දියර වර්ග වෙළදපලේ මිළදී ගන්නට තිබුනත්, ඉතාමත් සීමිත වෙළද නාම ප්‍රමාණයක් තමයි නියමිත තත්ත්ව යටතේ මේවා නිෂ්පාදනය කරන්නේ. ඔබගේ Sanitizers එක තෝරා ගැනීමේදී පිළිගත් සන්නාමයක් සහිත Sanitizer එකක් තෝරා ගැනීම වඩාත් යෝග්‍යයයි.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |