බාල අමුද්‍රව්‍ය භාවිතයෙන් තොරව වියදම් අඩුකරගෙන ගෙවල් හදන හැටි.
වියහියදම් එක්ක බලද්දී ගෙවල් හදන එක නම් ලේසි වැඩක් නෙවෙයි. සමරු ණය වෙලා හෝ මුළු සේසතම දාලා ගෙවල් හදනවා. මෙහිදී ගොඩක් වෙලාවට ඔබ වංචනිකයන්ට හසුවෙනවා. ඒ වගේම තමයි ඔබ කරන ලොකුම මෝඩ වැඩේ තම රටට ලෝකයට පෙන්න මහා පරිමාණයට විශාල ගෙවල් හදනවා. ඊට පස්සේ ඉතින් ණය වෙලා ඒ ගෙවල් නඩත්තු කරගන්නවත් බැරුව ජීවිත කාලේම දුක් විඳිනවා.
ඉතින් මේ කියන්නන යන්නේ බාල අමුද්‍රව්‍ය භාවිතයෙන් තොරව වෙනත් ක්‍රම මඟින් වියදම අවම කරගෙන කොහොමද ලස්සනට ඔබේ නිවහන ඉදිකර ගන්නේ කියලා.
1 Plan එක ඇඳ ගැනීම
🏡 මුලින්ම ඔබ හොඳ plan එකක් ඇඳගන්න ඕන. ඔබ දන්න කෙනෙක්ට කියලා සාධාරණ ගානකට වැඩේ කරන්න. ඒ වගේම මහා ලොකුවට නැතුව ඔබට ප්‍රයෝජනවත් වන විදිහට ලස්සනට පොඩියට ගේ හදාගන්න.
🏡 සැලසුම් ශිල්පියා ඔබේ නිවසේ අවට හෝ ඔබේ හිත කියවන්න දන්නේ නෑ. ඒ නිසා ඊට අදාළ තොරතුරු ඔබ ඔහු ළඟම ඉඳලා සහය දක්වන්න. විශේෂයෙන්ම ගෙදර වතුර බට, අපවහන බට වාගේ බට එන විදිහ සහ ගෙදර කර්න්ට් වයර්, CCTV වයර් වාගේ ඒවා එන විදිහත් සැලසුම් කරගන්න.
2 බාස් තෝරාගැනීම
🏡 ඉදිකීරීම් සමාගමකට හෝ කොන්ත්‍රාත් කරුවෙකුට සම්පුර්ණයෙන්ම කොන්ත්‍රාත් පැවරීම, දවසේ කුලියට බාස්ලා ගෙන්වීම, තමන් විසින් අමුද්‍රව්‍ය සපයාදී බාස්ලාට වැඩ ටික කොන්ත්‍රාත් දීම. කියන ක්‍රම වලට ඔබේ තෝරා ගැනීම කරන පුළුවන්.
🏡 මේ ක්‍රම වලින් හොඳම ක්‍රම තමයි, ඔබේ අතේ ගානට කතා කරගෙන ඉදිකීරීම් සමාගමකට ලබදීම සහ අපි විසින් අමුද්‍රව්‍ය සපයලා බාස්ලාට වැඩ ටික විතරක් කොන්ත්‍රාත් දෙන එක. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ නියම විදිහට කලමනාකරණය කරගෙන වියදම් අඩු කරගන්න.
🏡 එකපාර සම්පුර්ණ ගේම නැතුව කොටස් විදිහට වැඩ පවරන්න. මොකද ඒ ඒ දේවලට දක්ෂ බාස්ලා ඉන්නවා. හැමෝම හැමදේම හරියට කරයි කියලා හිතන්න බැහැ. ටයිල් වලට, වහලෙට, බිත්ති කපරාදු කරන්න, පොටි අදින්න, තීන්ත ගාන්න, ඒවාට විතරක්ම දක්ෂ බාස්ලා ඉන්නවා.
3 අත්තිවාරම දැමීම.
🏡 අත්තිවාරම දන්න නූල් ඇද්දායින් පස්සේ අනිවාර්යයෙන්ම මුලුපරස් තියනවාද කියලා බලන්නම ඕන. මොකද මේක වැරදුණොත් ඉවරයි.
🏡 අත්තිවාරම, බේස් වලවල් කපනකොට බස්ලා දම්මලා කපනවාට වඩා පොඩි ස්කැවේටර් යන්ත්‍රයකින් ඒ වැඩේ කරන එක තමයි වියදම අඩුම. හැබැයි මේක කරන්න පුළුවන් තද පසක විතරයි. වැසිකිලි වලවල් ඇතුළු ඕනෑම වළක් කපාගන්න පුළුවන්.
🏡 ඒ වගේම මතක තියාගන්න අත්තිවාරම බඳින්න කලින් පයිප්ප අනංමනං තියන ඒවා දාගන්න. සමහරවිට බස් කියයි ඕවා පස්සේ දාගන්න පුළුවන් කියලා. හැදුවාට පස්සේ තමයි තේරෙන්නේ. ආයෙත් තැනින් තැන කඩනකොට.
🏡 අත්තිවාරම බදිද්දි බදාම හදනකොට වැලි වෙනුවට ගල් කුඩු ගන්නත් පුළුවන්.ඕනෑම කළුගලක් බඳින්න පුළුවන්.
4 Column, Beam, Slab එකට කොන්ක්‍රීට් දැමීම
🏡 මේකට ලංවා කම්බි තමයි හොඳම.
🏡 මේකට නම් ගල් කුඩු නම් ගන්න එපා වැලිම පාවිච්චි කරන්න වෙනවා.
🏡 සිමෙන්ති ගන්නවා නම් සංස්ථා තමයි හොඳ
🏡 ඒ වගේම මතක ඇති slab එක දාන්න හොඳම, පළපුරුදු බාස්ලා තෝරා ගන්න.
5 බිත්ති බැදීම.
🏡 බිත්ති බදින්න අපිට බ්ලොක් ගල් හෝ ගඩොල් භාවිතා කරන්න පුළුවන්.
🏡ගඩොල් ශක්තිමත් බවින් වැඩියි වගේම බ්ලොක් ගල් වියදම් අඩුයි. පුළුවන් නම් විශ්වාසවන්ත කෙනෙකු ලවා අඩු මිලට හොඳම ගඩොල් ටිකක් ගෙන්නගන්න.
6. බිත්ති කපරාරු කිරීම
🏡 බිත්ති කපරාරු කරන්න JAT Holding සමාගමෙන් Master Plaster කියලා එකක් හදුන්වාදීලා තියනවා. මේක භාවිතා කලාම කපරාරු කරන්නයි පොටි අදින්නයි යන වියදමෙන් විශාල ප්‍රමාණයක් ඉතිරි කරගන්න පුළුවන් කියල කියනවා.
7 අමුද්‍රව්‍ය.
- වැලි, ගල් කුඩු, කොන්ක්‍රීට් ගල්.
🏡 මේවා ගන්නකොට පුළුවන් තරම් එකපාර ගන්න. පොඩ්ඩ පොඩ්ඩ ගේන්න ගිහාම ප්‍රවාහනයට, පටවන්න, බාන්න වාගේ ඒවාට සෑහෙන්න වියදමක් යනවා.
🏡 තව දෙයක් තමයි මේවා ගන්න කලින් කීප තැනකින්ම ගිහිල්ලා මිල ගණන් සහ ඒ මිලට ගන්න පුළුවන් ප්‍රමාණයන් අහන්න. අඩු කරලා ගන්න try කරන්න.
- සිමෙන්ති.
🏡 සිමෙන්ති ගනිද්දිත් කරන වැඩේට අවශ්‍ය ප්‍රමාණයට එකපාර ගන්න. හැබැයි අරගෙන ගොඩාක් කල් තියාගන්න එපා. මොකද කල් යනකොට කැට ගැහෙනවා. Discount එකක් දාලා ගන්න try කරන්න.
🏡 බිත්ති බදින්න සංස්ථා ,ස්ලැබ් එකට නම් TOKYO SUPER තමා හොඳම
- කම්බි.
🏡 ලංවා කම්බි තමයි ගොඩාක් අය නිර්දේශ කරන්නෙ.
🏡 කම්බි ගන්න කලින් ගෙදරට යන සම්පුර්ණ කම්බි ගණන බලන්න.
🏡 මෙහෙම බලනකොට සම්පුර්ණ කම්බියම ඕන වෙන ගණනයි, කම්බි කොට කෑලි එන ඒවා ගණනයි, ඒ කෑලි කොච්චර දිගට ඕන වෙනවාද කියලා බලන්න ඕන. හැමෝම වාගේ කරන්නේ කම්බි කොට කෑලි ඕන වෙනකොට අර අළුතෙන් ගත්ත දිග කෑලිම කපලා ගන්න එක. සමහර තැන් වල කොට කෑලි ගන්න තියෙනවා ටිකක් හොයලා බලන්න.
- ටයිල්.
🏡 ටයිල්නම් හොඳම රොසෙල් තමයි. ඊලගට ලංකා ටයිල් එක හොඳයි.
🏡 රොසෙල් එකට ටිකක් ගණන්..හැබැයි ඒකට වඩා ලංකා ටයිල් එකක් ටිකක් අඩුයි.
🏡 ටයිල් ගන්නකොටත් ඔක්කෝම එකපාර ගන්න.
🏡 අවුරුදු කාලෙට, දෙසැම්බර් නත්තලට එහෙම මේවායේ Discount දෙනවා. අන්න ඒවාගේ කාලෙක ගත්තොත් වාසි.
🏡 ඒ වගේම තමයි නාවල පැත්තෙන් හරි තිහාරියෙන් හරි ගන්න පුළුවන් නම් හොඳයි..අඩු කරලා ගන්න පුළුවන්. ගිහින් ගෙනාවත් පාඩු නෑ මොකද සාමාන්‍ය හාර්ඩ්වෙයාර් වල ගිනි ගණන්.
8 වහලය.
🏡 වහල ගහන්නත් දැන් අළුතෙන් Total Roofing Solutions කියලා වර්ග ඇවිත් තියනවා. ඒ ගැන හොයලා බලන්න. උළුයි, ෂිට් දැන් ටිකක් ගණන්. 8 උළුවහු, ජනෙල්, දොරවල්.
🏡 උළුවහු, ජනෙල්, දොරවල් සඳහා ඇළුමිනියම් භාවිතා කරන්න පුළුවන්. වියදම අඩුයි.
🏡 සමහරු කියනවා ඇළුමිනියම් දැම්මහම ගෙදර වටිනකම අඩු වෙනවා කියලා.
🏡 ඒත් දැන් ඇළුමිනියම් තියනවා ලී වාගේම හදපුවා.
🏡 ඒවායේ තියෙන වැදගත්ම දේ තමයි ගුල්ලෝ වාගේ සතුන්ගෙන් හානි වෙන්නේ නැති එකයි, තෙතමනයෙන් දිරායෑම් වෙන්නේ නැති එකයි.
9 Bathroom.
🏡 Bathroom එකේ වියදම අඩු කරගන්න තියන හොදම විදිහ තමයි අවශ්‍ය ප්‍රමාණයට පමණක් සෑදීම.
🏡 Bathware ගනිද්දි හොද වර්ගෙකින් ගන්න. අඩුම තරමෙ රොසෙල් එකෙන් හරි ගන්න. මොකද ගේ කොච්චර හොඳ වුණත් Bathroom එක සවුත්තුනම් වැඩක් නෑ.
🏡 මේවත් ටයිල් වගේම තමා ටයිල් ගන්න තැනකින්ම ගන්න පුළුවන්.
10 වයරින් බඩු, වතුර බට, වැහි පීලි, අපවහන ද්‍රව්‍ය හා තීන්ත වැනි ද්‍රව්‍ය.
🏡 මේවා බෙදාහරින නියෝජිතයන්ගෙන් (Agent) ගන්න පුළුවන් නම් ගොඩාක් වියදම් අඩු කරගන්න පුළුවන්.
🏡 නැත්නම් ඒ බඩුම තියෙන තැනකින් ගන්න. හාඩ්වෙයාර් වල ගිනි ගණන්.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |