අවපැහැ තොල්රෝස පැහැ ගන්වන ස්වාභාවික ක්‍රම 4 ක්

World Health Day Healthy Food Recipes
By Sithumini Oct 13, 2024 04:33 PM GMT
Report

01. ලෙමන් සහ සීනි

තුනී පෙත්තක් කපා ඒ මත සීනි ස්වල්පයක් ඉස එය ඔබේ තොල් මත මිනිත්තු කිහිපයක් අතුල්ලන්න. දින තුනකට වරක් මෙම පිළියම නැවත නැවතත් කිරීම තුළින් ඔබේ තොල් රෝස පැහැ වීමට පටන් ගන්නා බව වැඩි කල් නොගොස් ඔබටම බලාගන්න පුළුවන් වේවි.

2. කෝමාරිකා,මී පැණි සහ රාස්පබෙරී

ඔබ ප්‍රථමයෙන්ම සිදු කල යුත්තේ, බඳුනකට රොබෙරී, කෝමාරිකා ජෙල් සහ කාබනික මී පැණි ස්වල්පයක් එක් කරගැනීමයි. පසුව ඒවා හොඳින් මිශ්‍ර කරමින්, පල්පයක් සාදා ගන්න. ඉන්පසු මෘදු අන්දමින් මෙම පේස්ට් එක ඔබේ තොල්වල ආලේප කරන්න. ඔබ එය සේදීමට පෙර මිනිත්තු 20 ක් පමණ තබන්න. පසුව සිසිල් ජලය සමගින් එය සෝදා හරින්න.

3. දෙළුම් බීජ සහ කිරී පොඩි කර ගත් දෙළුම් ඇට

තේ හැන්දකට කිරි ස්වල්පයක් හා රෝස වතුර ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න. ඉන් පසු මෙම මිශ්‍රණය ඔබේ තොල් මත ආලේප කර මිනිත්තු කිහිපයක් පිරිමදිමින් ස්කූබ් කර ගන්න. පසුව මද රස්නේ වතුරෙන් එය සෝදා හරින්න.

4. බීට්රූට් යුෂ

බිට්රූට් යුෂ මේස හැන්දක් සමඟ මී පැණි ස්වල්පයක් කරන්න. පසුව එම මිශ්‍රණය, කපු කැබැල්ලකින් ඔබේ තොල් මත ගල්වා සම්බාහනය කරන්න. පසුව එක් රැයක් එය තැබීමෙන් පසුදා උදෑසන සිටම ඔබේ තොල් මෘදු හා රෝස පැහැයට හැරෙන බව ඔබට පෙනෙන්නට පටන් ගනීවි. ස්වාභාවිකවම රෝස පැහැති තොල් ලබා ගැනීම සඳහා මෙය එක දිගටම කරගෙන යන්න.