පරිගණක Hacker කෙනෙක් වෙන්න තිබිය යුතු සුදුසුකම් මෙන්න.
පරිගණක පද්ධති අනතුරුදායක ආක්‍රමණයන්ගෙන් ආරක්ෂා කරන නම් ඒ සඳහා සදාචාරාත්මක හැකර්වරුන් සිටිය යුතුයි. ඔවුන් සුදු තොප්පි හැකර්වරුන් (White hacker ) ලෙසත් හඳුන්වනවා. ,මොවුන් වැඩි ඉල්ලුමක් තියෙන හැකර්වරුන් පිරිසක්. සදාචාරාත්මක හැකර්වරුන් කියන්නේ. තාක්ෂණික වශයෙන් නිපුණතා ඇති තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්. ඔවුන්ගේ ගැටළු විසඳීමට සහ අනිෂ්ට හැකර්වරුන් ජාල පද්ධතිවලට හානි කිරීමෙන් වළක්වා ගැනීමයි.
White hacker සහ Black hacker ලෙස දෙවර්ගයක් සිටිනවා.Black hackersලා කියන්නේ ලෝකයේ කොන් වීමට ලක් වූ තමාගේ ගැන පමණක් හිතන පහත් මානසිකත්වයක් තිබෙන අයයි. ඔවුන් කරන්නේ කරන්නේ, අනවසරයෙන් ඇතුළු වී එහි දත්ත වෙනස් කිරීම.මකා දැමීම සහ සොරකම් කිරීම වැනි නීති විරෝධී ක්‍රියාවන්.
නමුත් White hackersලා කියන්නේ ලෝකයේම පිළිගැනීමකට ලක් වූ සදාචාරාත්මක හැක් කරන පිරිසක්. සමාගම් වලින් මොවුන්ගේ රාජකාරිය වෙනුවෙන් විශාල ලෙස මුදල් වියදම් කරන්න පවා සැදීපැහැදී සිටියි.
සදාචාරාත්මක හැකර් කෙනෙක් වෙන්නේ කොහොමද?
🟣 Ethical hacker වරයකු වීමටනම් ඔබට මෘදුකාංග මෙහෙයුම් පද්ධති හා පරිගණක ජාල කරණය පිළිබඳව හොඳ දැනුමක් තිබිය යුතුයි. එබැවින් මෘදුකාංග කේත කරණය හෙවත් coding පිළිබඳ අවබෝධයක් තිබිය යුතු වෙනවා. ඒවා ඉගෙන ගන්න.
🟣 Unix ඉගෙන ගැනීම hacking කලාවේ මුලික පියවරයි. Unix යනු අන්තර්ජාලය ගොඩනගා ඇති මෙහෙයුම් පද්ධතියයි. Unix නොදැන අන්තර්ජාලය තුල සැරිසැරීමට හැකි වුවත් Unix නොදැන hacker කෙනෙකු වීමට නොහැකියි.
🟣 වත්මන් පරිගණක server වල හා වෙබ් අඩවි වල භාවිතා වන ප්‍රධාන Unix මත පදනම් වූ මෙහෙයුම් පද්ධතිය (Unix-like as) Linux වන අතර ඔබට Linux -Windows සමඟ එක්ව පරිගණකයට Dual Boot කළ හැකි අතර Ubuntu යනු Linux මත පදනම් වූ මෙහෙයුම් පද්ධතියකි. සාර්ථක හැකර් කෙනෙක් වීමට ඔබ Unix හා එයට මෘදුකාංග නිර්මාණය කරන ආකාරය පිළිබඳව දැන සිටිය යුතුයි.
🟣 දෙවනුව ඔබ HTML වැනි වෙබ් කේතකරණ භාෂාවක් ඉගෙන ගත යුතුයි. මේ සමඟම PHP හා CSS වැනි අතිරේක වෙබ් අඩවි නිර්මාණ භාෂාවක් ඉගෙන ගත යුතුයි. හැකර් වරයෙකු බොහෝවිට අන්තර්ජාලය තුලින් ක්‍රියාත්මක කරන නිසා වෙබ් පිටු නිර්මාණය වී ඇති ආකාරය පිළිබඳව නොදන්නේ නම් එහි දුබලතා සොයා ගැනීමට නොහකි වන බැවින් සාර්ථක හැකර් කෙනෙකු වීමට වෙබ් නිර්මාණ භාෂාවක් ඉගෙන ගත යුතුමයි.
🟣 හැකින් වල නිරතවන සෑම අවස්ථාවකදීම ඔබට තනිවම එය සිදු කිරීම අපහසුය.සමහර හේතුවන් ඉටු කර ගැනීමට ස්වයංක්‍රීයකරණය වීමට සිදුවනු ඇත.මෙවන් අවස්තාවලදී තමාගෙන්ම මෘදුකාංග හා පරිගණක වැඩසටහන් නිපද වීමට හැකර් කෙනෙකුට හැකියාව තිබිය යුතුයි. මේ සඳහා Java,C++,C වැනි programming language එකක් හෝ ඉගෙන ගැනීම දක්ෂ හැකර් කෙනෙකු සතු තිබිය යුතුමයි.
🟣 මීට අමතරව පරිගණක ජාලකරණය හෙවත්computer networking අන්තර්ජාල මුලලේඛණ ක්‍රම (internet potocol)මෙන්ම ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති හා programming language පිලිබදව දැනුම අත්‍යවශ්‍ය වේ.
🟣 හැකර් වරයෙකු ක්‍රියාත්මක වන්නේ සෑම විටම වෙනස් වන පරිසරයකය. ඒ නිසා එක කාර්යක් තවත්කාර්යකින් අතිශයින්ම වෙනස් වෙන්න පුළුවන්.එබැවින් තමා වෙත එන බාධක වලට දිගින් දිගටම විසදුම් සෙවීම, නිර්මාණාත්මක චින්තනය, විමර්ශන්ශීලිත්වය හා ඉවසීම යනු හැකර් වරයෙකුට තිබිය යුතු ගුණාංග අතරින් කිහිපයක්.
🟣 හැකර් කෙනෙකු සැබවින්ම ඉතා හොඳ තාක්ෂණික දැනුමක් හා අධ්‍යාත්මික ගුණ වගාවක් ඇති සමාජහිතකාමී පුද්ගලයෙක් විය යුතුමයි. එවැනි අයව තමයි White hackeහෙවත් Ethical hacker ලෙස එහෙමත් නැත්නම් සදාචාරාත්මක හැකර්වරයෙක් තෝරාගනු ලබන්නේ.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |