කාටවත් ණයක් නොවී යළි ලැබෙන විදිහට ණයක් ඉල්ලන්නේ කොහොමද?

By Wayomi Jul 23, 2022 06:58 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ණය ඉල්ලන එකයි..දෙන එකයි අපිට දැන් හොඳටම පුරුදුයි. සමහරු ණය ගන්නවා ඉවරයකුත් නැහැ. දෙනවා ඉවරයකුත් නැහැ. හැබැයි මේ ආත්මයකට දෙන ණය ලැබෙන්නේ නම් නැහැ. දුන්න අයට ඒක ඉල්ලන්න හිතෙන්නෙත් නැහැ හිත් රිදෙයි කියලා. හැබැයි කාගෙන් කොහොම ණයක් ගත්තත් ඒක ගෙවුවේ නැත්නම් ආත්ම ගානක් ඔය ණය ගෙව ගෙවා ඉන්න වෙයි. පේනවානේ සිරිලක් වැසියන් හැටියට අපිට වෙලා තියෙන දේ.

ඉතින් කාටවත් ණය වෙන්නේ නැතිව යළි ලැබෙන විදිහට ණයක් හෝ උදව්වක් ඉල්ලන්නේ කොහොමද කියලා බලමු.

? ඔබ කෙනෙකුගෙන් ණයක් හෝ උදව්වක් ඉල්ලන විට, ඔබ මුදල් ඉල්ලන හේතුව නිවැරදිව පැහැදිලිව අදාළ පුද්ගලයට කියන්න, නැත්නම් ඔහු ඒක ගණන් ගන්නෙත් නැහැ. ඔබට ණය මුදල කීයද? හේතුව මොකක්ද? කොච්චර හදිසිද කියලා එම පුද්ගලයා දන්නේ නැහැ. ඒ නිසා අදාළ කාලසීමාවේදී ඔබට ණය මුදල ගන්න බැරි වේවි.

? ඒ වගේම තමයි මුලින්ම ඔබට ඔබව විශ්වාස විය යුතුයි. ඉන්පසුව විස්වාසයෙන් ඉල්ලිය යුතුයි.විශ්වාසයක් නැත්නම් ණයක් දෙන්න හිතෙන්නේ නැහැනේ.

? කෙනෙකුගෙන් ණයක් ඉල්ලද්දී මම ගෙවනවානේ මමත් දීලා තියනවනේ කියලා ලොකු ලයින් නම් දාන්න හදන්න එපා. එතකොට ඔබට ණය මුදල අහිමි වෙන්න පුළුවන්.

? උදව්වක් හෝ මුදලක් ලබාදීමට හැකියාව ඇති අයගෙන් පමණක් ඉල්ලන්න.

? ණයක් හෝ උදව්වක් ඉල්ලන විට අදාළ පුද්ගලයාටත් වටිනාකමක් ලබාදෙන්න.ස්තූතියි කරලා විතරක් මඳි බොරුවට බටර් ගාන්නෙත් නැතිව ඔහුගේ වටිනාමක අගයන්න. ණය ගත් විගස සද්ද නැතුව ඉන්න එපා එම පුද්ගලයා ඉඳලා හිටලා හෝ කතා කරලා දුක සැප අහන්න, ණයට ඒ හැමවෙලේම ස්තූතියි කරන්න, ණය ගෙවද්දී ඔබ වැඩිපුර මුදලක් සමඟ ගෙවන්න, නැත්නම් ඊට කළගුණ සැලකීමක් ලෙස වෙනත් උදව්වක් කරන්න පුළුවන්.

? මෙය වැරදියට තේරුම් ගන්න එපා. එක පුද්ගලයෙක්ගෙන් ප්‍රතික්ෂේප වේවි. නමුත් තවත් කිහිපදෙනෙකුගෙන් ඉල්ලලා බලන්න.   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW