උකුල පිහිටන ආකාරය අනුව කියැවෙන කාන්තාවන්ගේ ගතිගුණ.

By Wayomi Aug 17, 2022 06:48 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

කාන්තාවකගේ උකුලක් කියන්නේ ඇයට හිමි ආකර්ෂණිය ශරීර අවයවයක්.ලේකඛයන්ගේ පවා වර්ණනාවන්ට පවා ලක් වෙන්නේ ඒ නිසාමයි. උකුල පිහිටන ආකාරය, එය හැදෙන, හැඩවෙන ආකාරය එකිනෙකාට වෙනස්. ඉතින් මේ විදිහට උකුල පිහිටන ආකාරය, හැඩය, ප්‍රමාණය අනුව පෙන්නුම් කරන හොඳ නරක ගති, ලක්ෂණ ගැනයි මේ කියන්න යන්නේ.

💃 සිහින් වූ ඉන හා පළල් වූ උකුල

💛 මෙවැනි උකුලක් හිමි කාන්තාවක් විවිධ ශිල්පයන්හී දස්‌කම් දක්‌වන අතර කලාවට වැඩි දක්‍ෂතාවයක්‌ පෙන්නුම් කරයි.

💛 යස ඉසුරු බුක්‌ති විඳීමට ලැබෙන ස්‌ත්‍රියකි.

💛 යහපත් විවාහ ජීවිතයකට උරුමකම් කියන මොවුන්ගේ දරුවන්ද පවුලට හිතවත්, රටට වැඩදායී අය වෙයි.


💃 උකුල මත විසිරු උපන් ලප ඇති කාන්තාවන් (එකක්‌ හෝ කිහිපයක්‌)

💛 මොවුන් ඉතා කාමාධිකය.

💛 නගර ශෝභිනියක්‌ සේ ජීවිකාව ගෙන යයි.

💛 කරදර, සිත්තැවුල් නිතැතින් උරුම වෙයි.


💃 රවුම් රෝදයක්‌ මෙන් මසින් පිරුණු රෝම සහිත උකුල,

💛 මෙවැනි උකුලක්‌ පිහිටි ස්‌ත්‍රිය ප්‍රසිද්ධියට පත් වෙයි.

💛 කරන්නාවූ කුමන ක්‍රියාවකින් වුවද සමාජයේ කැපී පෙනීමට හා ජනප්‍රිය වීමට අවකාශ ලැබෙනවා.

💛 මොවුන්ද කාමාධිකයි.


💃 පළල් නොවූ මහත උකුල

💛 විරුද්ධ ලිංගිකයන් වශී කර ගනී.

💛 ඉතා කාමාධිකයි.

💛 අධික ලෙස පර පුරුෂ සේවනය කරයි.

💛 මෙවැනි කාන්තාවන් තමනුත් පවු කර අන් අයවත් පවට දායක කර ගනී.


💃 රෝමයන්ගෙන් පිරී ගිය පටු උකුල

💛 තම තරාතිරමට නොගැලපෙන අයෙකු හා විවාහ වෙයි.

💛 කාලයක් යද්දී විවාහය අසාර්ථක වෙයි.

💛 නිතර අනුන්ගේ චෝදනාවලට ලක්‌වන මොවුන්ගේ බලාපොරොත්තු, සිහින බිඳ වැටේ.

💛 නිතර දුකින් පසුවන කාන්තාවකි.


💃 උකුල පුළුල් වී ඉඟටියද මහත් නම්,

💛 මෙවන් ස්‌ත්‍රීන් දරදඬු ගති පෙන්නුම් කරයි.

💛 මොවුන්ගේ විවාහය අසාර්ථක වන අතර තම දරුවන්ද නොසලකා හරී.

💛 ජීවිතයේ අවසාන කාලයේ දුකට පත් වෙයි.


💃 මසින් පිරීගිය, පළල් උකුල

💛 මොවුන් සැපවත් ජීවිතයකට හිමිකම් කියයි.

💛 කරුණාවන්ත සිතක්‌ ඇති අනුන්ට පිහිට වන ස්‌ත්‍රියකි.

💛 සතුන්ට බොහෝ ආදරය කරයි.

💛 ලබන්නා වු දුවා දරුවන්ද වාසනාවන්ත අය වෙයි.


💃 කෘෂ වූ උකුල

💛 තම සැමියාගේ ආදරය, ගෞරවය කිසිවිට නොලබයි.

💛 විවාහය අසාර්ථක වන අතර සැමියා විසින් හැර දමා යයි.


💃 ඉන මහත් වී උකුල කුඩා වීම

💛 මෙවැනි පිහිටීමක්‌ ඇති කාන්තාවන් නිතර අඬදබර කරන අනුන්ගේ සැපතට ඊර්ෂියා කරන බොහෝ හිතුවක්‌කාර මුරණ්‌ඩු අයෙකි.

💛 කිසිවකු නියන දේ ගණන් නොගන්නා මොවුන් තනි මතයට වැඩ කිරීමට ගොස්‌ අමාරුවේ වැටේ.


💃 පැතැලි උකුල

💛 බොහෝ කම්කටොලුවලට මුහුණ දෙන, සැප සම්පත් අඩු දිළිඳු ස්‌ත්‍රියකි.

💛 සැමියා සමඟ නිතර රණ්‌ඩු වී යුග දිවිය අසාර්ථක කර ගනී.

💛 පවට බිය නැති මොවුන් තම පවුලේ නම්බුව, ගෞරවය ගැන ද නොසිතයි.


💃 උකුලෙහි කැරලි ගැසුණු දල නළු රෝම තිබීම

💛 මෙවන් ස්‌ත්‍රීන්ගේ විවාහය අනිවාර්යයෙන්ම අසාර්ථක වෙයි.

💛 මොවුන්ට දරුවන්ද අඩු හෝ නැති වෙන්න පුළුවන්.


💃 මොලොක්‌ සේ ඇති රතු පැහැති රෝම ඇති උකුල (රන්වන් පැහැති රෝම)

💛 මෙවන් ස්‌ත්‍රීන් වාසනාවන්ත විවාහ ජීවිතයකට උරුම කම් කියයි.

💛 සැමියාට වගකීම් හා යුතුකම් මැනවින් ඉටු කරන මැය යස ඉසුරු පිරි ජීවිතයක්‌ ගත කරයි.

💛 කිසිවෙකු සමඟ අමනාප නොවෙයි.

💛 නමුත් මොවුන් අයුක්‌තිය වෙනුවෙන් කථා කරන, අයුක්‌තියට හිස නොනමන අය වෙයි.


💃 උස්‌ වුද, මහත් වුද උකුල

💛 බොහෝ වාසනාවන්තය.

💛 පිරිස්‌ බලය සේවක සේවිකාවන්ගේ අඩුවක්‌ නැත.

💛 විවාහය සඳහා උසස්‌ නිලයක්‌ දරන කෙනෙකු හිමිවෙයි.


💃 උකුල මණ්‌ඩල වලින් යුක්‌ත වූ ස්‌ත්‍රිය

💛 අප්‍රමාණ සැප සම්පත් ලබන අයෙකි.

💛 මෙවන් ස්‌ත්‍රියක්‌ ලබන සැමියා ඉතා වාසනාවන්ත අයෙකි.

💛 මොවුන් සජත භාර්යාවන්ගෙන් මාතෘ භාර්යාගණයට වැටේ.


💃 දිගටි උකුල

💛 මොවුන් ජීවිතයේ අපමණ දුක්‌ කම්කටොලු විදියි.

💛 දරුවන්ද නැති වඳ ස්‌ත්‍රියන් වෙයි.

💛 කොපමණ දුක්‌ ගැහැට පැමිණියත් නොසැලෙන ගුණය සහිතයි.


💃 මධ්‍යම ප්‍රමාණයේ සමබර උකුල

💛 බොහෝ යස ඉසුරු ලබන, සැපවත් ජීවිතයක්‌ ගත කරන වාසනාවන්ත අයෙකි.

💛 මෙවන් පිහිටීමක්‌ හිමි ස්‌ත්‍රියගේ විවාහයද වාසනාවන්තය. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW