සිරිකොතට නම වැටුණු හැටි.

UNP
By Wayomi Aug 26, 2022 09:56 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

දේශපාලන කරළිය තුළ ජනප්‍රිය නමක් තමයි සිරිකොත .සිරිකොත කියන්නේ UNP යේ පක්ෂ මූලස්ථානයයි.ඉතින් මේ කියන්න යන්නේ අයිතිකාරයෝ ගොඩක් ඉන්න සිරිකොතට නම වැටුණු හැටියි.

? UNPය ආරම්භ වූයේ 1946 සැප්තැම්බර් 06 වැනිදායි. ඒ, අනගාරික ධර්මපාල තුමාගේ සහෝදර එඩ්මන් හේවාවිතාරණගේ පුතෙකු වූ රාජා හේවාවිතාරණගේ කොළඹ හතේ ෆාම් කෝට් මන්දිරයේදියි.

? පසුව සර් ජෝන් කොතලාවල සහ ශ්‍රීමත් සිරිල් ද සොයිසා එක්ව පක්ෂයට කොල්ලුපිටියේ මූලස්ථානයක් අරගෙන දුන්නා.

? මෙරට දැවැන්ත ව්‍යාපාරික ජාලයක් නිර්මාණ කරුවෙක් තමයි ශ්‍රීමත් සිරිල් ද සොයිසා. ඔහු උපතින්ම UNP.

? හැබැයි ඔහුගේ පක්ෂයට නිල කාර්යාලයක් නොමැති අඩුව ඔහුට හොඳටම දැනුණා. පසුව ඔහුගේ දායකත්වයෙන් නිල කාර්යාලයක් මිලදී ගන්න සූදානම් වුණා.

? ඔහුගේ ඒ වෑයමට ජෝන් කොතලාවල මහතාත් සිය දායකත්වය ලබා දුන්නා.එලෙස ඔවුන් දෙදෙනාගේ මුදලින් නව UNP පක්ෂ කාර්යාලය මිලදී ගත්තා.

? ඒ නිසාම දෙදෙනාගේම නම් දෙක එකතු කරලා "සිරිල්+කොතලාවල" , "සිරිකොත" ලෙස නම් තැබුවා.