රජය කොහොමද එහෙම සල්ලි අච්චු ගහන්නේ? මුද්‍රණය කරනවද?
මෙරට ආර්ථික අර්බුදය ඇතිවෙලා තියෙන ඇතැම් ගැටළු විසඳන්න සල්ලි අච්චු ගහන්න ඕන කියලා අගමැති කියනවා. ඒත් අපි හිතන් ඉන්නේ සල්ලි අච්චු ගැහුවම සිද්ධ වෙන්නේ උද්ධමනය තවත් වැඩි වෙන එක කියලානේ. ඔව් ඒක ඇත්ත..ඒත් අගමැති කෙනෙක් ආවට ගියාට මේ වගේ ප්‍රකාශයක් කරන්නේ නම් නැහැ.
රජය කොහොමද එහෙම සල්ලි අච්චු ගහන්නේ?
💸 මේ සල්ලි අච්චු ගැසීම ගැන රටපුරා කතාබහට ලක් වුණේ පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු. කෝටි 2,227 ක මුදලක් අච්චු ගැහුවා කියන කතාවත් සමඟ. ඇත්තටම මේ කියන්නේ මුදල් මුද්‍රණය කිරීමක් ගැන නෙවෙයි. ඒ, භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමේ දී මහ බැංකුව මුද්‍රණය කර ගබඩාවල පවත්වාගෙන යන රුපියල් සංචිතවලින් , රු. බිලියන 22.27 ක් රටේ සංසරණයට මුදා හැරීම ගැනයි.
💸 ඇත්තටම සල්ලි අච්චු ගැසීම කියන්නේ, රජය මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් විකිණීමයි. රජයකට මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් විකුණන්නට සිදු වෙන්නේ වෙන කවුරුත් රුපියල් බිල්පත් මිලදී ගන්නේ නැති වුණාම. ආයෝජකයන් බිල්පත් මිල දී ගැනීමට ඉල්ලන පොලිය ගෙවීමට රජය සූදානම් නැති අවස්ථාවන් වලදී.
💸 සාමාන්‍යයෙන් හැම බදාදා දවසක ම මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කරනවා. එහිදි දින 91ට, දින 182කට සහ දින 364කට වරක් කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා.
💸 මෙම බිල්පත් ආයෝජකයන් මිලදී ගැනීමයි සාමාන්‍යයෙන් සිදුවන්නේ. කල්පිරුණු විට ඒවාට පොලියත් සමඟ මුදල් ලැබෙන අතර ආයෝජකයන් භාණ්ඩාගාර බිල්පත් මිලදී නොගතහොත් එම බිල්පත් මහ බැංකුවටම තමයි මිලදී ගන්න සිදුවන්නේ.
💸 එවැනි අවස්ථා වලදී මහ බැංකුව කරන්නේ තමන්ගේ සංචිතවල ඇති රුපියල් නෝට්ටු තොග සංසරණයට නිකුත් කිරීමයි. ඒකට කියන්නේ සල්ලි අච්චු ගසනවා කියලා. එවිට තමයි රටේ භාණ්ඩ මිල ඉහළ ගිහින් උද්ධමනය ඇති වන්නේ.
මහ බැංකුවට තියෙන බලය
💸 සාමාන්‍යයෙන් මුදල් මුද්‍රණය කරනවද? නැද්ද? කියලා තීරණය කරන්නේ, මහ බැංකුවේ ව්‍යවහාරික මුදල් කළමනාකරණ අංශයයි. ඒ, රට තුළ සංසරණය වන මුදල් ප්‍රමාණය ගැන අවධානය යොමු කිරීමෙන් පසුවයි. ඊට පස්සේ උද්ධමනය ඇති නොවන අයුරින් රටට ගනුදෙනු සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණය සංසරණයට එකතු කිරීම මහ බැංකුවෙන් සිදු කෙරෙනවා.
💸 ඒ වගේම වලංගු නෝට්ටු, නිතර පාවිච්චිය නිසා ඉරී යාම, අපිරිසුදුවීම, දිරාපත්වීම ආදිය හේතුවෙන් ඒ නෝට්ටු මහ බැංකුව ලබාගෙන ඒ වෙනුවට අලුත් නෝට්ටු ලබා දෙනවා. අබලි නෝට්ටු යන්ත්‍රානුසාරයෙන් විනාශ කර දමනවා.
💸 1949 අංක 58 දරන මුදල් නීති පනත මඟින් ලංකාවේ රජය වෙනුවෙන් සල්ලි අච්චු ගැසීමේ බලය තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවටයි.
💸 රටක මහජනයා අතර මුදල් සඳහා පිළිගැනීමක් පැවතිය යුතුයි. ඒ කියන්නේ ඔවුන් තුළ රුපියල ගැන පවතින විශ්වාසය. එය රඳා පවතිනේ මුදල් සඳහා පවත්නා නීතිමය වලංගුභාවය මතයි.
💸 යම්කිසි රටක භාණ්ඩ හා සේවා වල මිල අඛණ්ඩ ව ශීඝ්‍රයෙන් ඉහළ යන්න පටන් ගත්තොත් මුදල කෙරෙහි ජනතාව තුළ විශ්වාසය නැති වෙනවා.
💸 ඒ වගේම කාලයක භාණ්ඩ මිල දී ගැනීමට අනවශ්‍ය විදිහට විශාල රුපියල් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. එවැනි අවස්ථාවකදී මහ බැංකුවට වැඩි රුපියල් ප්‍රමාණයක් නිකුත් කිරීමට සිදු වෙනවා.
💸 කාලෙකට කලින් අපට අවශ්‍ය මුදල් නෝට්ටු මුද්‍රණය කළේ එංගලන්තයේ බ්‍රැඩ්බරි විල්කින්සන් සමාගමයි. නමුත් මීට ටික කාලෙක සිට නෝට්ටු මුද්‍රණය කරන්නේ බියගම වෙළෙද කලාපයේ පිහිටි ඩි ලා රූ ලංකා කරන්සි ඇන්ඩ් සිකියුරිටි ප්‍රින්ට් පුද්ගලික සමාගම විසින්. ඒ වගේම නව කාසි මුද්‍රණය කරන්නේ ස්ලෝවැකියාවේ, “Mincovna Kremnica” යන සමාගම විසින්.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |