රස කර කර මඤ්ඤොක්කා කනවාද ? එහෙනම් මෙන්න මේ ගැනත් දැනගෙන කන්න..ජීවිතයත් නැති කළ හැකි මඤ්ඤොක්කා..

Healthy Food Recipes Sri lanka Food Recipes Junk Food
By Sewvandhi Feb 01, 2024 02:47 PM GMT
Sewvandhi

Sewvandhi

in රචනා
Report

මඤ්ඤොක්කා කොයි තරම් ගුණ ආහාරයක් වුණත් මේ විදිහට කෑවොත් නම් අවුල් යනවා. ඒ නිසා කියවලම බලන්න..

දන්නවාද මඤ්ඤොක්කා හා ඉඟුරු එකට ආහාරයට ගන්න එපා කියන්නේ ඇයි කියලා... මඤ්ඤොක්කා සහ ඉඟුරු එකට ආහාරයට ගැනීමෙන් විෂ විය හැකියි. මඤ්ඤොක්කා සහ ඉඟුරු එකට ආහාරයට නොගන්න යැයි වැඩිහිටියන් පවසනු ඔබ අසා ඇති. එම ප්‍රකාශයෙහි විද්‍යාත්මක පසුබිමක් තිබෙනවා.

මඤ්ඤොක්කා යනු ලෝකයේ මිනිසුන් ආහාරයට ගන්නා කාබෝහයිඩ්‍රේට් ප්‍රභව වලින් තුන් වන තැනට පත් වන භෝගයයි. පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ මඤ්ඤොක්කා සමහර අවස්ථා වල දී විෂ විය හැකි ය. එයට හේතු වන්නේ සීනි සමග සම්බන්ධ වූ සයනයිඩ් (Cyanogenic glycoside - Linamerin) සයනොජෙනික් ග්ලයිකෝසයිඩ් සංයෝගය වේ.

මෙය මඤ්ඤොක්කා අලය තුළ ඇති පිෂ්ඨය කොටසෙහි අක්‍රියව ගබඩා වී ඇති අතර සාමාන්‍යයෙන් අක්‍රීය සංයෝගයකි. මඤ්ඤොක්කා පොත්තේ පවතින ලිනමරේස් නම් වූ එන්සයිමය මගින් සයනොජෙනික් ග්ලයිකෝසයිඩ් සංයෝගය, හයිඩ්‍රිජන් (HCN) සයනයිඩ් බවට පත් කළ හැකි ය. මෙය ශරීරයට විෂ විය හැකියි.

රස කර කර මඤ්ඤොක්කා කනවාද ? එහෙනම් මෙන්න මේ ගැනත් දැනගෙන කන්න..ජීවිතයත් නැති කළ හැකි මඤ්ඤොක්කා.. | How Cassava Poisons The Body

තුවාල වී හුලං වැදුණු මඤ්ඤොක්කා අල (නිල් ඉරි දිවූ අල) ආහාරයට ගැනීමෙන් ද බොහෝ විට මෙය සිදු වේ.එවැනි අල ඉවත් කිරීම ද මඤ්ඤොක්කා තැම්බීමේ දී වතුර ප්‍රමාණවත් තරමට දමා භාජනය විවෘතව තැම්බීම මගින් ද Hydrogen cyanide ඉවත් කරගත හැකි ය.

මඤ්ඤොක්කා අල පරිස්සමින් පොතු ඉවත් කර ඉන් පසු කුඩා කැබලි වලට කපා පැය කිහිපයක් හොඳින් ජලයේ පොඟවා ජලය ඉවත් කොට, අළුත් වතුරින් තම්බන අතරේ කිහිප වරක් වතුර පෙරා ගැනීම ද විෂ සංයෝග ඉවත් වීමට මනා රුකුලක් වෙයි කෙසේ නමුත් අමු මඤ්ඤොක්කා කෑම අනුමත කළ නොහැක.

මෙයට හේතුව නම් ආහාර මාර්ගයේ සිටින ක්ෂුද්‍ර ජීවින්ගේ එන්සයිම මගින් ද සයනොජෙනික් ග්ලයිකෝසයිඩ් සංයෝගය, හයිඩ්‍රිජන් සයනයිඩ් (HCN) බවට හැරවිය හැකි බැවිනි. ඒ වගේම ඉඟුරු තුළ ද ලිනමරේස් එන්සයිමය බහුලව පවතින අතර එමගින් මඤ්ඤොක්කා වල පවතින සයනොජෙනික් ග්ලයිකෝසයිඩ් සංයෝගය, හයිඩ්‍රජන් සයනයිඩ් බවට පත් විය හැකි ය.

එම නිසා මඤ්ඤොක්කා සමඟ ඉඟුරු හෝ ඉඟුරු වලින් සාදන ලද කිසිදු ආහාරයක් නොගත යුතු ය. (ඉඟුරු බිස්කට් ජින්ජර් බියර් වැනි) සමහරුන් මාංශ පිළියෙළ කරන විට ද ඉඟුරු දමයි. මස් හොදි සමඟ මඤ්ඤොක්කා කෑමට ගෙන මෙම රෝග ලක්ෂණ පහළ වූ අවස්ථා පිළිබඳව ද අසන්නට ලැබේ.

රස කර කර මඤ්ඤොක්කා කනවාද ? එහෙනම් මෙන්න මේ ගැනත් දැනගෙන කන්න..ජීවිතයත් නැති කළ හැකි මඤ්ඤොක්කා.. | How Cassava Poisons The Body

මඤ්ඤොක්කා විෂ වීමක දී පහත ලක්ෂණ පහළ විය හැකි ය.

හුස්ම ගැනීමේ වේගය වැඩි වීම (Rapid Respiration)

රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමට, වඩා පහත මට්ටමකට වැටිය හැකි ය. (Dropping of Blood Preassure)

පපුව ගැහෙන බව (Palpitation, Rapid pulse)

නිදිමත ගතිය හා හිසරදය.(Drowsiness and Headache)

ආමාශ හෝ බඩේ වේදනාවන් (Stomach pain)

වමනය (Vomitting)

දියරමය මළ පහ වීම, පාචන තත්වයන් (Diarrhoea)

මනස ව්‍යාකූල වීම ( Mental Confusion ),

මාංශ පේශීන්ගේ ඇති වන හිරිවැටීම් හා ගැස්සීම් (Twitching)

ක්ලාන්තය හා සිහි නැති වීම (Convulsions)

දීර්ඝ කාලීනව විෂ සුළු වශයෙන් ශරීර ගතවීමෙන් ගලගණ්ඩය ( Goitre)

යකඩ උරාගැනීම අඩු වීම ඇවිදින විට විසිවෙන සුළු ගතියක් (Unstable gait) පවා ඇති විය හැකි ය.

විශාල ප්‍රමාණ වලින් සෑහෙන කාලයක් ආහාරයට ගතහොත් ක්‍රම ක්‍රමයෙන් ශරීරයේ සයනයිඩ් ප්‍රමාණය වැඩි වී මරණය පවා සිදුවිය හැකි ය. මඤ්ඤොක්කා ආහාරයට ගැනීමෙන් පසු ඉහත ලක්ෂණ පහළ වුවහොත් ඉතා ඉක්මණින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම යෝග්‍ය වේ. (උපුටා ගැනීමකි)

Sponsored By Sarrita Jewellery

රස කර කර මඤ්ඤොක්කා කනවාද ? එහෙනම් මෙන්න මේ ගැනත් දැනගෙන කන්න..ජීවිතයත් නැති කළ හැකි මඤ්ඤොක්කා.. | How Cassava Poisons The Body