නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී අනිවාර්ය නිවාඩු යවයි
Sri Lanka
Law and Order
Latest Headlines
Sinhala news
By R.rishma
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
මේ බව එම අධිකාරියේ සභාපති ජේ.කේ.ඒ සිරිනාත මහතා විසින් ලිඛිතව දැනුම්දී ඇති බව පවසයි.
එමෙන්ම වැටුප් සහිත අනිවාර්ය නිවාඩු පනවා ඇති කාලය තුළ එම අධිකාරියේ කාර්යාලයකට හෝ වැඩබිමකට ඇතුල්වීම තහනම් වන අතර සභාපතිවරයාගේ අවසරකින් තොරව විදේශගත නොවිය යුතු බවත් අඳාළ ලිපියේ ඇතුළත් බව වාර්තා වේ.
එසේම මෙම තීරණයට හේතුව වී අත්තේ සාමාන්‍යධිකාරිවරයා විසින් ආයතන සංග්‍රහයේ සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ විනය මාලාව කඩකරමින් බරපතළ විෂමාචාර කීපයක් මූලික වශයෙන් අනාවරණය වීම බව වැඩිදුරටත් සඳහන්.
එබැවින් ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනා ඔප්පු වූවහොත් රටේ පවතින නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා බව ද ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ජේ.කේ.ඒ සිරිනාත මහතා පැවසූ බව සඳහන්.