හෙට දිනයේ දිස්ත්‍රික්ක 3කට උණුසුම් කාලගුණ අනතුරු ඇඟවීමක්
Sri Lanka
Weather
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය හෙට (09) දිනය සඳහා වලංගු වන පරිදි උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය බලපැවැත්වේ.
එම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම් දර්ශකය "අවධානය යොමු කළ යුතු" මට්ටම දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එබැවින්, දිගු වේලාවක් දැඩි අව්වේ රැඳී සිටීමෙන් වැළකී ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම ඇතුළු සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදින ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කර ඇත.