දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
Department of Meteorology
Climate Change
Weather
Latest Headlines
Sinhala news
By R.rishma
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද(22) දිනය සඳහා වලංගු වන පරිදි උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
සූදානම් වන්න යනුවෙන් දන්වා ඇති අඳාළ නිවේදනය නැගෙනහිර පළාත සහ යාපනය, කිලි නොච්චි, වව්නියාව, මුලතිව්, මොණරාගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක සඳහා නිකුත් කර ඇත.
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ නැගෙනහිර පළාත සහ යාපනය, කිලි නොච්චි, වව්නියාව, මුලතිව්, මොණරාගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම '' අවධානය යොමු කළ යුතු " මට්ටමක පවතින බවයි.