ඉන්ධන පිරිවුම්හලක් අසල උණුසුම් වී වෙඩිල්ලකුත් පත්තු වෙයි..

Sri Lanka Police Sri Lanka
By krishani Jun 20, 2022 02:41 AM GMT
Report

කළුතර - මීගහතැන්න - පැලවත්ත ඉන්ධන පිරවුම්හලේ ඊයේ(19) දිනයේ පස්වරුවේ ඇති වූ කළහකාරී තත්වය ව්‍යර්ථ කිරීමට යුද හමුදාව අහසට වෙඩි තබා තිබේ.

ඒ ඉන්ධන ලබාගැනීමට පැමිණි පුද්ගලයෙකු ඔහුගේ මෝටර් රථයට ඉන්ධන ලබාගෙන පසුව බූලියකට ද ඉන්ධන ලබාගැනීමට ගොස් ඇති අතර එහි ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා සෙබළෙකෙු ඊට විරෝධය පළ කර ඇති නිසා එම යුද හමුදා සෙබළාගේ ගිනි අවිය උදුරාගැනීමට පිරිසක් උත්සාහ කිරීමත් සමඟත් එය පාලනය කිරීමට අහසට වෙඩි තබා ඇත.

සිද්ධිය සම්බන්ධව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join