ප්‍රොපොසල් එකකින් එකතු වුණු කපල් එකකට හනිමූන් යනකොට වැදගත් වෙන ටිප්ස් මෙන්න..

Wedding
By Sewvandhi Jan 25, 2023 02:51 PM GMT
Sewvandhi

Sewvandhi

in රචනා
Report

ප්‍රේම කරලා විවාහ වුණු ‍යුවලක් තමන්ගේ හනිමූන් එක ගත කරන්න යන විදියයි, යෝජිත විවාහයකින් එක් වුණු යුවලක් තමන්ගේ හනිමූන් එක ගත කරන්න යනකොටයි තියෙන තත්වයයි සම්පූර්ණයෙන්ම වගේ එකිනෙකට වෙනස්. මෙහිදී ප්‍රේම විවාහයක් කියලා සලකන්නේ හුග කාලයක් ආදරය කරලා කසාද බැන්ද දෙන්නෙක්ව. සමහර විට දෙන්නා එක් වෙන්නේ යෝජනාවකින් වෙන්නත් පුලුවන්.

හැබැයි ඒක අදාළ නෑ. ඒ වගේම අපි මෙතන යෝජිත විවාහයක් කියලා කියන්නේ, දෙමව්පියන් කපුවෙක් මාර්ගයෙන් හරි පත්තරෙන් හරි එහෙමත් නැත්නම් වෙනත් ආකාරයකින් හරි සොයලා දැන හඳුනාගත්තු මනමාලියෙක් හරි මනමාලයෙක් හරි, දෙපැත්තම කැමති වුණාට පස්සේ ඉතා අඩු කාලයකින් විවාහ වෙන එක ගැන. මෙහි ප්‍රධානතම වෙනස තමයි දෙන්නාට දෙන්නා දැන හඳුනන, එකිනෙකාට සමීප, එකිනෙකාව තේරුම් ගෙන තියෙන ප්‍රමාණය තමයි.

ඉතින් ඒ නිසා තමයි අපි හිතුවේ ප්‍රොපොසල් එකකින් එකතු වුණු කපල් එකකට හනිමූන් යන්න කලින් දැනුවත් කරන්න ඕන කරුණු කාරණා ටිකක් ගැන සඳහන් කරන්න.

  • සෙට් වෙන හොද තැනක් ඔබම තෝරගන්න

යෝජිත විවාහයක සිද්ධ වෙන එක ගැටළුවක් තමයි ඒකේ වෙඩින් එකේ ඉඳන් හනිමූන් එක දක්වාම හුගක් වෙලාවට සිද්ධ වෙන්නේ දෙපාර්ශවයේ වැඩිහිටියන්ට වුවමනා විදියට. ඒකේ හොඳ වගේම නරකත් තියෙනවා. නමුත් හනිමූන් එකට තැනක් තේරීමේදී ඒක විවාහ වෙන්න ඉන්න යුවල එකට එකතු වෙලා තමන්ගේ කැමැත්තට තැනක් තෝරන කරන එක තමයි වඩාත්ම හොඳ.

ඒකට හේතුව තමයි හනිමූන් යන්නේ එක් වෙන්න වගේම දෙන්නට එකිනෙකා හා සමීප වෙන්න, දෙන්නට දෙන්නා දැනහඳුනාගන්න අවස්ථාවක් ලබාගන්න. එතකොට තමන් කැමති දෙන්නට එකට කරන්න පුලුවන් ඇක්ටිවිටීස් තියෙන තැනක් තමයි හනිමූන් එකට තෝරගන්න පුලුවන්. උදාහරණයක් විදියට, බීච් වීව් එකට ආස කපල් එකකට හනිමූන් හොටෙල් එක දෙමව්පියෝ එකතුවෙලා හුන්නස්ගිරියෙන් සෙට් කරලා වැඩක් නෑනේ.

  • රොමෑන්ටික් දේවල් කරන්න

හරි ආදරෙන් ඉන්න කපල් එකක් දැක්කහම ගොඩක් අය කියනවනේ හරියට අලුත බැඳපු ජෝඩුවක් වගේ කියලා. ඒ විදියට ආදරෙන් ඉන්න ඉතින් ආයේ ලව් මැරේජ් ද , ඇරේන්ජ් මැරේජ් ද කියලා වෙනසක් නැහැ. දෙන්නට දෙන්නා හැමදාමත් ආදරෙන් ඉන්න එක තමයි වැදගත්.

ඉතින් ඇරේන්ජ් මැරේජ් එකකින් එක්තු වුණූ කපල් එකකට ඒ ආදරේ වැඩි කරගන්න හොඳම කාලය තමයි හනිමූන් එක. ඉතින් මේ විදියට හනිමූන් එක රසවත් වෙන්නෙත් දෙන්නට දෙන්නා රොමෑන්ටික් වීමෙන් තමයි. ඒ නිසා හනිමූන් එකේදී පුංචි පුංචි රොමෑන්ටික් දේවල් ප්ලෑන් කරන්න පුලුවන් හොදයි. ඔයා පොඩි පොඩි තෑගි දීලා එයාව සර්ප්‍රයිස් කරන්න ප්ලෑන් කරන්න. 

  • හනිමූන් ක්‍රෑෂර්ස්ලගෙන් ප්‍රවේසම් වෙන්න

ඕනම වෙඩින් එකක යාළුවෝ රැග් කරන ඒවා හනිමූන් එකේදී හොටෙල් එකට ගේට් ග්‍රෑෂ් කරන ඒවා ඕන තරම් තියෙනවනේ. හැබැයි ඉතින් ඒ දේවල් වල ලිමිට් එකක් තියෙන්න ඕන. ඒ කියන්නේ හනිමූන් කපල් එකේ හිත නොරිදෙන විදියේ පුංචි විහිළුවක් කරන එක වගේ.

හනිමූන් යන කපල් එකට ගිෆ්ට් එකක් විදියට කොන්ඩම් පැක් එකක් එහෙමත් නැත්නම් යට ඇඳුම් සෙට් එකක් එහෙම දෙන එකත් කමක් නැහැ කියමුකෝ. හැබැයි එක එක්කෙනාගේ අසහනයන් පිට කරගන්න හනිමූන් කපල් එක යන හොටෙල් එකටත් ඇවිල්ලා රැග් කරන්න යන එක නම් ‍තරමක බරපතල ගැටලුවක්.

සාමාන්‍යයෙන් ප්‍රේම විවාහයකින් එකතු වෙන කපල් එකකට නම් දෙන්නට දෙන්නගේ නෑදෑයෝ, යාළුමිත්‍රයෝ ඔක්කොම ඔක්කොමලා වගේ අදුනනවනේ. එහෙම වුණාම ලිමිට් පන්නලා හනිමූන් එක ක්‍රෑෂ් කරන්න කවුරු හරි කෙනෙක් කටයුතු කරනවා නම් ඒක කන්ට්‍රෝල් කරගන්න පුලුවන්. නමුත් ඇරේන්ජ් මැරේජ් ඒකේ වෙන්නේ ඕකේ අනික් පැත්ත.

ඒක හින්දා හොඳම දේ තමයි කාටවත්ම තමන්ගේ හනිමූන් එක ක්‍රෑෂ් කරන්න ඉඩක් නොදෙන එක. ඒකට ඉතින් තමන්ගේ පැත්තේ වගකීමක් දරන්න පුලුවන් කෙනෙක්ට ඒ විදියේ කරදර කරන කිසිම යාළුවන්ට හරි නෑදෑයෝ සෙට් එකකට හරි ඉඩ දෙන්න එපා කියලා කලින්ම කන්ට්‍රැක්ට් එක දීලා තියන්නත් පුලුවන්.

  • රිලැක්ස් වෙන්න

වෙඩින් එකක් කියන්නෙම ඔළුව ගිනිගත්තා වගේ සති ගණනක් තිස්සේ එහාට මෙහාට දුවන්න වෙන සීන් එකක්නේ. ඒත් ඉතින් වෙඩින් එක ඉවර වුණහම ඒ කාලගෝට්ටිය ඉවරයිනේ. ඊළගට තියෙන්නේ දෙන්නා එක්ක අලුතෙන් ජීවිතයක් පටන් අරගෙන ජීවන අරගලයට මුහුණ දෙන්න කලින් ටික දවසක් රිලැක්ස් එකේ ඉන්න එක. ඒකට ලැබෙන හොදම අවස්තාව තමයි හනිමුන් එක කියන්නේ.

විශේෂයෙන්ම ඇරේන්ජ් මැරේජ් එකක් කියන්නේ දෙන්නට දෙන්නා ලොකුවට අඳුනන්නෙත් නැහැනේ. ඒ නිසා මේ කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන දෙන්නත් එක්ක රිලැක්ස් එකේ ඉන්න එක තමයි හොදම. දෙන්නට දෙන්නා දැනකියාගන්න ලං වෙන්න මේ අවස්තාවෙදි පුලුවන්. ඒකට ඉතින් ඔෆිස් වැඩ රාජකාරී පැත්තකින් තියලා, ෆෝන් එකෙන්, සෝෂල් මීඩියා වලින් පොඩ්ඩක් ඈත් වෙලා හනිමූන් එක එන්ජෝයි කිරීම තමයි වෙන්න ඕන.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now