නිවෙස් වලට කඩා පනින කට්ටියක් නිසා බස්නාහිර පළාත තුළ තවත් ජරමරයක්.

By Wayomi Dec 13, 2022 09:33 AM GMT
Report

බස්නාහිර පළාත තුළ වනසතුන් නිවෙස් කරා ඇදී ඒමේ වැඩි ප්‍රවණතාවක් මතුව ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඊට හේතු ලෙස එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, අනෙකුත් පළාත්වලට සාපේක්ෂව බස්නාහිර පළාත තුළ නාගරීකරණය ඉහළ යාමයි.

එමෙන්ම ඇතැම් පුද්ගලයින් විසින් අනවසරයෙන් රක්ෂිත ප්‍රදේශ අත්පත් කරගෙන ඒවා එළිපෙහෙලි කිරීමද ඊට හේතු වී තිබෙනවා.

විශේෂයෙන් වඳුරන්, උගුඩුවන්, කලවැද්දන්, නරියන් වැනි සතුන් නාගරීකරණ ප්‍රදේශ වෙත ඇදී එම ඉහළ ගොස් ඇති බව සඳහන්.

එමඟින් මිනිසුන්ට සාපේක්ෂව එම සතුන්ට ජීවිත හානි සිදු වීමද ඉහළ බවයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ වන විට මෙලෙස අනතුරට ලක්ව බෙල්ලන්විල අත්තිඩිය වනජීවි පුනරුත්තාපන මධ්‍යස්ථානය වෙත රැගෙන යන සතුන් අතර බොහෝ පිරිසක් යාල වනෝද්‍යානයට මුදාහැරීමට කටයුතු කර තිබෙනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW