පිරිසකට රජයෙන් ලැබුණ විශේෂ අයිතිය - කැබිනට් අනුමැතිය ද හිමි වෙයි..
අඩු ආදායම්ලාභී පවුල් 50,000කට ඔවුන් පදිංචි නිවාස සඳහා පූර්ණ අයිතිය ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබෙනවා.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අනුවයි.
මුදල්,ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද 2024 අයවැය යෝජනාවක් අනුව නාගරික නිවාස වැඩසටහන් මගින් අඩු ආදාම්ලාභී පවුල් වෙත කුලී පදනම මත ලබා දී ඇති මහල් නිවාස ඒකකවල අයිතිය නෛතිකව එම ප්‍රතිලාභී පවුල් වෙතම ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගත යුතුව ඇත බව සඳහන් වේ.
විවිධ නිවාස ව්‍යාපාති යටතේ නාගරික සංවර්ධන අධිකාරිය,ජාතික නිවාස සංවර්ධන අධිකාරීය සහ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් අඩු අදාම්ලාභීන් වෙත බදු සිහින,වාරික සින්න,සින්නක්කර සහ කුලී යන පදනම් යටතේ නිවාස ලබා දී ඇත.
කෙසේ වෙතත්, ඒ් අනුව මාසිකව රුපියල් 3000ක් හෝ ඊට අඩු අගයක කුලී පදනම මත අඩු අදායම්ලාභීන් වෙත ලබා දී ඇති සියලු නාගරික නිවාස ඒකකවලින් කුලිය අය කර ගැනීම නතර කිරීමටත් ,ඒකී නිවාසවල සින්නක්කර අයිතිය ඒම අඩු අදායම්ලාභීන්ට පැවරීම සඳහා අවශ්‍ය පියවර ගැනිමටත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව සඳහන් වේ.