මිල්ක්මේඩ් කඩෙන් අරන් කාපු කාලේ ඉවරයි. මෙන්න රෙසිපි එක.
Healthy Food Recipes
Sri lanka Food Recipes
By Wayomi
අපි හදන සමහර ආහාර වර්ග වලට නැතුවම බැරි දෙයක් තමයි උකු කිරි, එහෙමත් නැත්නම් මිල්ක්මේඩ්. ඒත් මෙච්චර කාලයක් කඩෙන් අරන් කෑවට ගෙදරදී හදාගන්න පුළුවන් කියලා දැනගෙන හිටියේ නැහැ නේද? ඔන්න ඉතින් මේ කියන්න යන්නේ ගෙදරදීම ලේසියෙන් මිල්ක්මේඩ් හදාගන්නේ කොහොමද කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය
🔵 ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 500 ක් (full fat )
🔵 සීනි ග්‍රෑම් 200 ක්
🔵 බේකින් සෝඩා ස්වල්පයක්
සාදාගන්න ආකාරය
🔵 භාජනයක් ලිපේ තියලා ඒකට කිරි ශා සීනි එකතු කරලා උකු වෙනකන් මඳ ගින්දරේ හැඳි ගාන්න. ගොඩක් උකු වෙන්න තියන්න එපා.
🔵 දැන් එය හරි පදමට ආවම ලිප නිවන්න. ඝන වන තරමට ගොඩක් උකු වෙන්න තියන්න එපා. ලිප නිවුවට පස්සේ රස්නෙට මෙය උකු වෙන්න පුළුවන්.
🔵 ලිප නිවාගත් විගස ඇඟිලි දෙකට බේකින් සෝඩා ස්වල්පයක් එකතු කරන්න. ( පාට, රසය එන්නේ සෝඩා එකෙන්)
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |