මුව ආවරණ පළදින්නැයි කොළඹ ආපදා කළමනාකරණ ඒකකයෙන් විශේෂ දැනුම්දීමක්..
Police spokesman
Sri Lanka Police
Colombo
Accident
By Aruna
කොළඹ ආපදා කළමනාකරණ ඒකකය සහකාර අධ්‍යක්ෂවරයා විසින් හෝමාගම පදිංචිකරුවන් වෙත විශේෂ දැනුම්දීමක් සිදු කර තිබේ.
ඒ අනුව ඔහු සඳහන් කර සිටින්නේ, හෝමාගම කර්මාන්ත පුරයේ ඊයේ රාත්‍රියේ රසායනික ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවක හටගත් ගින්න හේතුවෙන් පරිසරයට එල්ල වී ඇති බලපෑම නිසා අවට පදිංචිකරුවන් වෙත මුව ආවරණ පළඳින ලෙසයි.
රසායනික ගබඩාවේ ඇති වූ ගින්න හේතුවෙන් ශ්වසන ආබාධ ඇති විය හැකි අතර එම ශ්වසන ආබාධ අවම කරගැනීම සඳහා මෙම උපදෙස් පිළිපඳින ලෙස ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දී ඇත.