අද දිනයේ නිවාඩුව ගැන විශේෂ දැනුම්දීමක්..වසා තැබෙන ස්ථාන මෙන්න..

Government Employee Sri Lanka
By Aruna Oct 09, 2022 11:01 PM GMT
Report

අද (10) දිනයේදී රජයේ කාර්යාලවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා පවසනවා.

ඒඅනුව අද දිනට බැංකු සඳහා පමණක් නිවාඩු දිනයක් බව ඔහු පැවසුවා.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය පැවසුවේ, අද (10) පාසල් ද සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවයි.

එනම්,වප් පසළොස්වක පෝය (9) ඉරිදා දිනයේ යෙදී තිබීම නිසා එදින බැංකු නිවාඩුව සඳුදා (10) දිනයට ලබාදී ඇති බැවින් සදුදා දිනයේ සියලුම බැංකු සහ කොළඹ කොටස් වෙළඳපොළ වසා තැබීමට තීරණය කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now