හිරුණිකාගේ අභියාචනය අගෝස්තු 6 දා විභාගයට

Hirunika Premachandra Law and Order Latest Headlines Sinhala news
By R.rishma Jul 06, 2026 08:34 AM GMT
Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් තමන්ට කොළඹ මහාධිකරණය නියම කළ බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම අවලංගු කර තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කළ අභියාචනා පෙත්සම අගෝස්තු 6 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (06) නියම කළේය.

2015 දෙසැම්බර් 21 වැනිදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ අමිල ප්‍රියංක නමැති තරුණයෙකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනා 18කට වරදකාරිය ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කොළඹ මහාධිකරණය විසින් මීට පෙර තීන්දු කර තිබුණි.

එම නඩුවේදී ඇයට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවමක් සහ රුපියල් 360,000ක දඩයක්ද නියම කෙරිණි.

එම තීන්දුවට එරෙහිව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් අභියාචනාධිකරණය වෙත අභියාචනා පෙත්සමක් ගොනු කර ඇති අතර, එය අගෝස්තු 6 වැනිදා විභාගයට ගැනීමට අධිකරණය නියෝග කළ බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.