සමාජ මාධ්‍ය කලඹමින් හිරුණිකා හිරාන් ආදරය දෙදරා යයි..
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියන්නේ මේ වන විට බොහෝ දෙනා අතරේ ජනප්‍රියම චරිතයක්. ඇය දේශපාලනය තුළ බොහෝ දෙනාගේ අවදානය දිනාගත්තා.
සිය පියාගේ අභාවයෙන් පසුව දේශපාලනයට පැමිණි හිරුණියා බස්නාහිර වැඩිම මනාප ලබා ගනිමින් දේශපානයට පිවිසියා. කොහොම වුණත් ඇයට පසුගිය කාලේ සිර දඩුවම් නියමව කලක් සිරගතව සිටීමටත් සිදුවුණා.
හිරුණිකාගේ ජීවිතේ කටුක අමිහිරි බොහෝ තැන් මැද ශක්තියක් වූ ඇගේ සැමියාත් බොහෝ දෙනාගේ අවදානය දිනාගත් කෙනෙක්. ඒ තමන්ගේ බිරිද වෙනුවෙන් කොන්දේසි විරහිතව සිටීම හේතුවෙන්. කොහොම වුණත් මේ වන විට අද පළවූ පුවතක් නිසා බොහෝ දෙනාගේ හදවතට යම් කම්පනයක් ඇතිවුණා.
ඒ ඇය සිය විවාහයට සමුදීමට තීරණය කිරීමයි. ඒ සම්බන්ධයෙන් ඇය අද ෆේස්බුක් සටහනක් තබා තිබුණා. ඒ අනුව තමා සහ සැමියා අනෝයෝන්‍ය අවබෝදය මත සිය විවාහයට සමුදුන් බවයි ඇය එහිදි සදහන් කර තිබුණේ.
කොහොම වුණත් මේ සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාට ආදරය කර බොහෝ දෙනා ඒ සම්බන්දයෙන් ඔවුන්ට ඇතිවුණු පීඩනය පිළිබදව අදහස් පළකරතිබුණා.