ගේට්ටුවත් කඩාගෙන ගොස් දුම්රියේ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
Sri Lanka
Sri Lanka Railways
Accident
By Sewvandhi
අද (17) අලුයම අහුංගල්ල, බලපිටිය දුම්රියපොළ අසල හීනටිය දුම්රිය හරස් මාර්ගයේ දී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී තිබේ.
පොලීසිය පැවසුවේ, හීනටිය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් වසා තිබූ දුම්රිය ගේට්ටුව කඩාගෙන ගොස් කොලොන්නාවේ සිට ගාල්ල දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක ගැටී ඇති බවය.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇත. එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ක් වූ හීනටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් එම අනතුර සිදුව ඇති අතර අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |