සේවකයින් 11,000ක් එකවරම සිය රාජකාරි වලින් ඉවත් වෙයි - ආරක්ෂක අංශත් වහා කැඳවයි.. හේතුව මේකයි.

Expressways in Sri Lanka Ceylon Highway Employees Union Highways In Sri Lanka
By krishani Nov 22, 2023 03:07 AM GMT
Report

සේවකයින් 11,000ක් එකවරම සිය රාජකාරි වලින් ඉවත් වෙයි - ආරක්ෂක අංශත් වහා කැඳවයි.. හේතුව මේකයි. | Highway Workers On Strike

අද (22) දිනයේ අධිවේගී මාර්ගවල සේවකයින් සිය රාජකාරී කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇත.

ඒ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ය.

අධිවේගී මාර්ග සේවක සංගමයේ සභාපති යොහාන් හසිත මුණසිංහ මහතා පැවසුවේ මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කරන 11,000ක පමණ සේවකයින් පිරිසක් මෙම වර්ජනය සඳහා එක් වන බවයි.

වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,

"අපි අද උදේ 7 සිට රාත්‍රී 7 දක්වා අසනීප නිවාඩු ලබාගෙන සේවයට වාර්තා නොකර වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙනවා.ඒ අවතීර්ණ වෙන්නේ අපේ ප්‍රධාන ඉල්ලීම් තුනක් මුල්කරගෙන. ප්‍රධාන ඉල්ලීම අපේ අධිවේගී මාර්ග ජාලය දැනට මාර්ග සංවර්ධන අධිකාරිය භාරයේ පවතින්නේ. 2023.06.23 වන දින කැබිනට් පත්‍රිකාවක් මගින් සමාගමක් මුදල් අමාත්‍යාංශය යටතේ පිහිටුවලා මේ අධිවේගී මාර්ග ජාලය ඒ සමාගම යටතට පවරා ගන්න යෝජනාවක් කරලා තිබුණා.

ඒ වගේම ඒ යෝජනාවේ සඳහන් වෙනවා අධිවේගී මාර්ග රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ව්‍යාපාරයක් විදියට කරගෙන යන්න අවස්ථාව පිළිබඳ. ඒ සඳහා ආයෝජකයින් සඳහා සොයාබැලීමට අවසර දෙනවා කියලා.මේකත් එක්ක අපිට බියක් තියෙනවා අපේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳව." යනුවෙන් ය.

කෙසේවෙතත්, මෙම වර්ජනයට පිළියම් ලෙස අධිවේගී මාර්ග රාජකාරී සඳහා ආරක්ෂක අංශ යෙදවීමට අපේක්ෂා කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ය.