මධ්‍යම අධිවේගී මාර්ගය නිසා මේ රටට අත් වූ විශේෂ දේ
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර ( ඇතුගල්පුර පිවිසුම ) අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය තුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් පත්කිරීමෙන් අනතුරුව පලමු පැය 12 තුල එනම් ( 16-01-2022) ඉරිදා දහවල් 12.00 සිට රාත්‍රී 12.00 දක්වා ) රු. 2,805,100.00 ක ආදායමක් උපයා ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
පළමු පැය 12 තුළ මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගයේ වාහන 13,583 ක් ගමන් කර ඇති අතර කිසිඳු රිය අනතුරක සිදු වී නොමැත.
මීරිගම සිට කුරුණෑගල ගැට්ටුවාන පිවිසුම දක්වාත් ගැට්ටුවාන සිට මීරිගම දක්වාත් මහජනතාවට පසුගිය සෙනසුරාදා ( 15-01-2022 ) මධ්‍යම රාත්‍රියේ සිට ඉරිදා දහවල් 12 දක්වා නොමිලේ ගමන් කිරීමට අවසර ලබා දුන් බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදි .
මාධ්‍ය ඒකකය මහාමාර්ග අමාත්‍යාංශය
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |