පවතින අධික උෂ්ණත්වයත් එක්ක වෙන භයානක දෙයක් - මේ දේ නම් ඔබ දැනගත යුතුම‍යි..

Department of Meteorology Weather Latest Headlines Decision Making
By krishani Mar 09, 2024 06:17 PM GMT
Report

මේ දිනවල මෙරට පවතින අධික උෂ්ණත්වය හමුවේ හිරු එළියට නිරාවරණය වීමෙන් අක්ෂි ආබාධ ඇතිවිය හැකිය. 

පවතින අධික උෂ්ණත්වයත් එක්ක වෙන භයානක දෙයක් - මේ දේ නම් ඔබ දැනගත යුතුම‍යි.. | High Temperature In Sri Lanka

ඒ බව අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන් සඳහන් කර සිටිනවා.

හිරු එළිය සෘජුවම ඇසට පතිත වුවහොත් එහි සෛලවලට හානි වී ඇසේ පෙනීමට පවා බාධා ඇතිවිය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය, අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ මධුවන්ති දිසානායක මහත්මිය පැවසුවේ ය.

එමෙන්ම, පවතින තත්ත්වය යටතේ ඇසේ සුද නැමැති රෝග තත්ත්වයද ඉහළ යා හැකි බව ඇය කියා සිටියේ ය.

අද දිනයේ ද (09) ප්‍රදේශ කිහිපයක, මිනිස් සිරුරට දැනෙන උණුසුම අවදානය යොමු කළ යුතු මට්ටමක පවතියේ ය.

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, වයඹ , දකුණු හා උතුරුමැද පළාත්වල මෙන්ම මොණරාගල , රත්නපුර , මන්නාරම , වව්නියා, මුලතිව් හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක් ඒ අතරට ඇතුළත් විය.