නිවාස 15,000ක් අධි අවදානම් කලාපවල - දැඩි අනතුරු ඇගවීමක්

Sri Lanka Climate Change Landslide In Sri Lanka Weather
By Sewvandhi Oct 17, 2022 09:06 AM GMT
Report

දිවයින පුරා නිවාස 15,000ක් පමණ නායයාමේ අධි අවදානම් කලාපවල පිහිටුවා ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි නායයාම් අධ්‍යයන හා අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා පැවසුවේ, ඒ සියලු පවුල් ආරක්ෂිත ස්ථානවල පදිංචි කිරීමේ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.

ඔහු පැවසුවේ, මේ වනවිට ඉන් 3500කට ආසන්න පිරිසක ආරක්ෂිත ස්ථානවල නිවාස ඉදිකර දී ඇති බවයි.

මේ අතර, කළුතර,නුවරඑළිය ,රත්නපුර වරකාපොල ,කෑගල්ල,කොළඹ ඇතුළු දිස්ත්‍රක්කවලට නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මක වෙයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, ඉංගිරිය , වලල්ලාවිට, පාලින්දනුවර සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලද නායයෑම් පිළිබඳ රතු අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now