තණකොළ වගා කර ඉහල මිලක් ලබා ගන්න - මෙන්න සුපිරි අවස්ථාවක්..කිලෝවක මිල..
උතුරු නැගෙනහිර ඇතුළු වියලි කලාපයේ ගව පට්ටි හිමියන් තමන්ගේ කිරි හරක් සඳහා තෘණ ආහාර හිඟය නිසා මේ වන විට අසරණභාවයට පත්ව සිටින බව මිල්කෝ සමාගම පවසනවා.
එයට පිළියමක් ලෙස මිල්කෝ ආයතනය මඟින් අක්කර 2,000 ක තෘණ වගා ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. එහි ප්‍රථම තෘණ දඬු වගා කිරීම පසුගියදා මීගොඩ, බටවල ප්‍රදේශයෙන් ආරම්භ කෙරුණා.
මෙම ව්‍යාපෘතිය මගින් ලංකාව පුරා සිටින ඉඩම් හිමි කිරි නිෂ්පාදන සාමාජිකයින්ට පැචෝන් වගාව සඳහා ආධාර සහ අවශ්‍ය දඬු ලබා දීමට නියමිතයි.
එයට අමතරව කිරිදෙනුන් නොමැති එහෙත් තෘණ වගා ක්ෂේත්‍රයට කැමති ව්‍යවසායකයින් සඳහා ද මෙම ආධාර හා අවශ්‍ය දඬු ලබාදෙන බවයි එම සමාගම පැවසුවේ.
මෙහි අස්වැන්න දින 90 කින් ලබා ගත හැකි අතර අක්කරයකින් කිලෝ 8,000 ක පමණ අස්වැන්නක් ලබා ගත හැකි වීම විශේෂත්වයක් වනවා.
එමෙන්ම හිටවනු ලබන පළමු තෘණ දඬු කැබැල්ලෙන් වසරකට අට වතාවක් අස්වැන්න ලබා ගත හැකි බව ද සඳහන්.
එමෙන්ම මිල්කෝ සමාගම විසින් තෘණ අස්වැන්න කිලෝවක් රු.5/= වැනි මුදලකට මිලදී ගැනීමට බලපොරොත්තු වනවා.
ඒ අනුව තෘණ වගාකරුවෙකුට අක්කරයකින් රුපියල් 40,000/= ක පමණ ශුද්ධ ලාභයක් ලබා ගත හැකි වනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |