ඔබේ සමාගමේ සාර්ථකත්වයට තවත් අඩිතාලමක්. - සමාගම් අධ්‍යක්ෂකවරු සහ ලේකම්වරුන්ට මෙන්න සුවිශේෂ අවස්ථාවක්.

Sri Lanka Businessman
By Wayomi Nov 24, 2023 12:23 PM GMT
Report

ආයතනයක නැත්නම් සමාගමක් ආරම්භයේ සිටම අධ්‍යක්ෂවරයා වගේම ලේකම්වරයා( Secretary) කියන්නේ වැදගත්ම සහ අත්‍යවශ්‍යම පුරුක් දෙකක්. සමාගමක් පවත්වාගෙන යාම සහ එහි පැවැත්ම රාදා පවතින්නේ Ddirector ගේ සහ Secretary ගේ තීන්දු තීරණ මතයි.

ඉතින් ඔවුන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන්ම සමාගම් රෙජිස්ටාර් දෙපාර්තුමේන්තුවෙන් හඳුන්වාදී ඇති e- roc පරිගණක ගත ව්‍යාපෘතිය මඟින් සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ, මෙරට ලියාපදිංචි සමාගම් හි. අධ්‍යක්ෂකවරු ඇතුළු ඔවුන්ගේ ලේකම්වරුන්ට විශේෂ දැනුවත් කිරීමේ වැඩමුළුවක් දියත්කර ඇති අතර එහිදී සමාගම් සංස්ථාගත කිරීමේ නව විශේෂාංග (New features of incorporation of companies ), අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය සම්බන්ධව හැඳින්වීම (Introduction to continuous professional development ), සමාගම් ලේකම් පිළිබඳ නව රෙගුලාසි (New regulations on company secretary) ඇතුළු ඔබේ සමාගමේ සාර්ථකත්වය උදෙසා අවශ්‍ය විශේෂිත නව්‍යතාවයන්, නව තාක්ෂණයන් සම්බන්ධයෙන් දැනුවත් කෙරුණු ඇති.

ඒ, අනුව මෙම වැඩමුළුවට සහභාගී වන ඔබ 2023 දෙසැම්බර් 05 හෝ ඊට පෙර පහත ගූගල් පෝරමය ඔස්සේ රෙජිස්ටර් වන්න.


ඔබත් ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානමින් සිටින කෙනෙක්ද?

එසේ නම්,

අයදුම්පත් සහ ආකෘති පත්‍ර එකින් එක ඉදිරිපත් කිරීම සඳහා සමාගම් රෙජිස්ටාර් දෙපාර්තුමේන්තුව වෙත පැමිණීම වෙනුවට ඔබේ ව්‍යාපාරය අන්තර්ජාලය හරහා ලියාපදිංචි කළ හැකි සේවාවක් වන “eROC” සේවය ඔබට බොහෝ දේ වාසිදායක විය හැකිය. ඔබේ ව්‍යාපාරය ලියාපදිංචි කිරීම ව්‍යාකූල, දුෂ්කර හා කාලය ගතවන කාර්යයක් විය හැක.

මෙම පීඩනය අඩු කර ගැනීම සඳහා, ඔබේ ව්‍යාපාරය මාර්ගගතව ලියාපදිංචි කිරීමට ඔබට උදව් කිරීම සඳහා අපි මෙම මාර්ගෝපදේශකය පියවරෙන් පියවර නිර්මාණය කර තිබෙනවා.ඔබත් අදම එයට පිවිස ඔබේ පහසුකමත් සලසා ගන්න.       

................................................................

ගූගල් පෝරමය ( Google form)  

Gallery