බිහිසුණු ගුවන් අනතුරක් - එහි සිටි 5දෙනෙකු සහ ගුවන් නියමුවෙකු ජිවිතක්ෂයට..

India Accident
By krishani Oct 18, 2022 09:49 AM GMT
Report

ඉන්දියාවේ - උත්තරකාන්ද් ප්‍රාන්තයේ කේදර්නාත්හි හෙලිකොප්ටර් අනතුරකින් වන්දනාකරුවන් 5 දෙනෙකු සහ ගුවන් නියමුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

කේදර්නාත් සිට ගුවන්ගත වූ පසු හෙලිකොප්ටරය කඩා වැටී ඇත. හෙලිකොප්ටර් යානයේ නියමුවෙකු ඇතුළු හත් දෙනෙකු ඒ වන විට සිට ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

හෙලිකොප්ටරය කේදර්නාත් ගුවන් තොටුපළෙන් ගුවන්ගත කිරීමෙන් පසු ටික වේලාවකට ගිනිගෙන ඇත.

මේ වන විට සිරුරු 6ක් සොයා ගෙන ඇති අතර,ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

අයහපත් කාලගුණය මෙම අනතුරට හේතු වී ඇති බවට සැක පළ කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join