මහා විරෝධතා රැළිය ආරම්භ වෙයි - දැඩි රථවාහන තදබදයක්..!
කොළඹ මහ නගර සභාව ආශ්‍රිත ප්‍රධාන මාර්ග රැසක විරෝධතා පා ගමනක් හේතුවෙන් මේ වනවිට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේ.
සමගි ජන බලවේගය විසින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබෙනවා.
මේ අතර,අධිකරණයෙන්අද දින කොළඹදී පැවැත්වීමට නියමිතව තිබෙන සමගි ජන බලවේගයේ ජන රැළියට නියෝගයක් නිකුත් කර තිබෙනවා.
මාර්ග භාවිතා කරන පුද්ගලයින්ට හා පදිකයින්ට බාධා වන සේ කටයුතු කිරීම හා ප්‍රධාන මාර්ග අවහිර වන සේ ගමනාගමනයට බාධා වන ආකාරයට කටයුතු කිරීම තහනම් කරමින් නියෝගය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස, පක්ෂ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, මැද කොළඹ ප්‍රධාන සංවිධායක මුජිබර් රහුමාන්, මැද කොළඹ සංවිධායක අප්සරා අමරසිංහ, සමගි ජන බලවේග ක්‍රියාකාරී සාමාජිකයින් සහ ක්‍රියාකාරී කාන්තා සංවිධාන ඇතුළු රැළියට සහභාගී වන සියලු සාමාජිකයින් වෙත කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නියෝගය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ඉහත වගඋත්තරකරුවන්ට හා ඔවුන්ගේ අනුගාමිකයින්ට මාලිගාවත්ත පොලිස් වසමේ මුස්ලිම් කනත්ත අසල සිට ප්‍රදිපා මාවත, ජයන්ත වීරසේකර මාවත, මිල්ටන් පෙරේරා මාවත හා ජුම්මා හන්දිය හරහා සංඝරාජ වටරවුම ඔස්සේ සංඝරාජ මාවත භාවිත කරන පුද්ගලයින්ට අවහිර වන ලෙස ගමන් කිරීම තහනම් වනවා.
Sponsored By Sarrita Jewellery