ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කරණ සෞඛ්‍ය සේවකයන්ට වැඩ වැරදි - කරන්න යන දේ මෙන්න..

Sri Lanka Ministry of Health Sri Lanka
By Sewvandhi Sep 24, 2022 04:59 PM GMT
Report

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුව එහි විධිවිධාන නොසලකා කටයුතු කරන සෞඛ්‍ය සේවාවට අයත් සියලුම නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

එහි ලේකම් එස්. ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාගේ අත්සනින් යුතුව නිකුත් වී ඇති නිවේදනයක දැක්වෙන්නේ රේඛීය අමාත්‍යාංශය යටතේ හා පළාත් සභා සෞඛ්‍ය සේවය යටතේ සේවය කරනු ලබන ඇතැම් නිලධාරීන් විවිධ කණ්ඩායම් සෞඛ්‍ය සේවය සම්බන්ධ නිවැරදි නොවන තොරතුරු හා සෞඛ්‍ය ප්‍රතිපත්තීන් විවේචනය කරමින් අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමේ සිදුවීම් ගණනාවක් වාර්තා වී ඇති බැවින් මෙම තීරණය ගත් බවයි.

තොරතුරු මාධ්‍ය වෙත ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිලධාරීන් පිරිසකට බලය පවරා ඇති බවද එහි සඳහන්. අදාල කරුණු ඇතුලත් ලිපිය සියලුම පළාත් සෞඛ්‍ය ලේකම්වරුන්ට, ආයතන ප්‍රධානීන්ට, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට, සහ සියලුම නිලධරයන්ට නිකුත්කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW