රෝහල් සේවකයින් වැඩ වර්ජනයක..!

Sri Lanka Colombo National Hospital Sri Lanka Budget 2023
By Sewvandhi Dec 08, 2022 07:40 AM GMT
Report

අද (08) උදෑසන 8 සිට පැය 4 ක් රාජකාරියෙන් බැහැරව වැඩ වර්ජනයක නිරත වීමට කොළඹ ජාතික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ක්‍රියා කළා.

ඒ ඉහළ යන "ජීවන වියදම, මර්දනය නවතනු, බදු බර හා බඩු මිල අඩුකරනු සෞඛ්‍ය සේවයට 5%ක් වෙන්කරනු සහ IMF යෝජනාවලට යටවෙන ජනතාද්‍රෝහී අයවැය පරදමු" යන කරුණු මුල්කර ගනිමිනි.

වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතුවලට බලපෑම් එල්ල වී ඇති අතර ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගී ජනතාවද පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි.

මේ අතර වර්ජනයේ නිරත සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයින් පාගමනින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණය නිරත වුණි.

කෙසේවෙතත් මෙම වර්ජනය සම්බන්ධයෙන් ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා දැඩිව අප්‍රසාදය පළ කළේය.

"සෞඛ්‍ය කේෂ්ත්‍රය ප්‍රචාරය කරලා තියෙනවා. රු 5,000ක කලින් ආණ්ඩුව ගෙව්ව දීමනාව දැන් නරත කරලා තියෙන්නේ ජනවාරි මාසයේ ගෙවන්නේ නෑ කියලා. ඒ සටන් පාඨය මත තමා සෞඛ්‍ය කේෂ්ත්‍රය කම්කරු කණ්ඩායම් උසි බස්සලා එළියට බස්සගෙන තියෙන්නේ.

මේ චක්‍රලේඛයේ කිසිතැනක නෑ මේක නතර කරනවා කියලා. 5,6 එළියට බැස්සේ ජනතා විමුක්ති පෙරමුණට අදාළ කණ්ඩායම්. අද බහින්නේ පෙරටුගාමී දේශපාලන පක්ෂයත් එක්ක සම්බන්ධ අය. මේ බංකොළොත් දේශපාලන පක්ෂවල මෙහෙයුම්වලට අහුවෙන්න එපා කියන ඉල්ලීම අපි රජයේ සේවකයින්, අර්ධ රාජ්‍ය සේවකියන්ට හා කම්කරු පාන්තිකයින් කියනවා."  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now