හෙට තමයි ඒ කීව දවස - කරන්න යන දෙයක් ගැන දැනුම්දීමක් මෙන්න..

Keheliya Rambukwella Sri Lanka Politician Strike Sri Lanka Latest Headlines Decision Making
By krishani Jan 31, 2024 11:37 AM GMT
Report

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට (01) සංකේත වැඩ වර්ජනයක නිරත වීමට නියමිතයි. 

හෙට තමයි ඒ කීව දවස - කරන්න යන දෙයක් ගැන දැනුම්දීමක් මෙන්න.. | Health Unions Are On A Token Strike 01St February

ඒ රුපියල් 35,000කින් ඉහළ දැමීමට තීරණය කළ වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනා හෙවත් ඩැට් දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලමින් ය.

ඒ සම්බන්ධයෙන් ඊයේ දහවල් ද වෘත්තී සමිති කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.

එවැනි පසුබිමක තවමත් සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දීමනාවක් ලබා දීම කෙරෙහි රජය හෝ මුදල් අමාත්‍යාංශය පාර්ශ්වයෙන් සාධනීය මැදිහත් වීමක් නොමැති වීම හේතුවෙන් හෙට දිනයේ සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඒකාබද්ධව වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සඳහන් කළේ ය.

මේ අතර ප්‍රශ්නගත ඖෂධ ගණුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සදහා හිටපු සෞඛය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

කෙසේ වෙතත්, එම සිද්ධියට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින බව ද වාර්තා වේ.

Sponsored By Sarrita Jewellery

හෙට තමයි ඒ කීව දවස - කරන්න යන දෙයක් ගැන දැනුම්දීමක් මෙන්න.. | Health Unions Are On A Token Strike 01St February