හෙටත් මොකද දන්නව ද වෙන්නේ?.

Hospitals in Sri Lanka Strike Sri Lanka Latest Headlines Decision Making
By krishani Feb 01, 2024 01:25 PM GMT
Report

අද (01) උදෑසන සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් වර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹින.

හෙටත් මොකද දන්නව ද වෙන්නේ?. | Health Striken For 2Nd February 2024

එමෙන්ම හෙට (02) දිනයේ ද එය ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළේ රුපියල් 35,000කින් ඉහළ දැමුණු වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනා හෙවත් ඩැට් දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් ය.

මීට පෙර ද ඔවුන් මෙම දීමනාව ලබාදෙන ලෙස ඉල්ලා වර්ජනයක නිරත වීය.

එම ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබාදෙන බවට පොරොන්දු වීමත් සමඟ එය තාවකාලිකව අවසන් වීය.

නමුත් එම සාකච්ඡාව ලබා නොදීම හේතුවෙන් සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් මෙලෙස ඒකාබද්ධව වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කළේ ය.

Sponsored By Sarrita Jewellery

හෙටත් මොකද දන්නව ද වෙන්නේ?. | Health Striken For 2Nd February 2024