දෙවියන්ගේ ආහාරය වූ පෙරුම්කායම් ලබාගන්න හැටි.

By Wayomi Aug 23, 2022 11:03 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

හෙළ වෙදකම තුළ දකින්න ලැබෙන සුවිශේෂී ඖෂධයක් තමයි පෙරුම්කායම් කියන්නේ. ඔබට මතක ඇති කොවිඩ් වෛරස ව්‍යාප්තිය පටන් ගත්ත කාලයේ මේ පෙරුම්කායම් වලට මිනිස්සුන්ගේ ඉල්ලුම වැඩි වුණ හැටි.

මොකද ඉස්සර ඉඳන්ම අපේ පැපොල, සරම්ප වැනි බෝ වන රෝගයක් හැදුණොත් එම රෝගියාගේ අතේ සහ රෝගියාගේ අවට සිටින අනෙක් අයගේ අතේ පිරිසුදු සුදු රෙදිකඩක එතූ පෙරුම්කායම් කැබැල්ලක් බැඳීම සිරිතක් වුණා. ඒ, රෝගියාගෙන් අනෙක් අයට එම රෝගය පැතිරීම වළක්වා ගැනීමට. ඉතින් හෙළ වෙදකමට අනුව පෙරුම්කායම් කියන්නේ එක ලෙඩකට විතරක් නෙවෙයි ලෙඩ ගොඩකට සුව දෙන ඔසුවක්.

හෙළ වෙදැදුරුවරුන් විසින් මේ පෙරුම්කායම් ඔසුවක් විදිහට භාවිතා කළත් රූපලාවන්‍ය හා සමේ ප්‍රතිකාර සඳහාත්, හිසකෙස් ප්‍රතිකාර සඳහාත්, කුළුබඩුවක් ලෙස ආහාර වලට එකතු කර ගැනීමත් සිදු කරනවා.

පෙරුම්කායම් වල සෞඛ්‍ය ගුණ


- වෛරස් වලට ප්‍රතිරෝධීව ක්‍රියා කරයි

🟣 වෛරස් වලට ප්‍රතිරෝධීව ක්‍රියා කිරීමේ බලයක පෙරුම්කායම් වලට තියෙනවා. විශේෂයෙන්ම H1N1 වැනි හානිකර වෛරස් වල වර්ධනයට හා ප්‍රජනනයට පෙරුම්කායම් බාධා කරන බවයි නවතම අධ්‍යයනවලින් පවා අනාවරණය කරගෙන තියෙනවා.

- ආහාර ජීර්ණයට

🟣 පෙරුම්කායම් වලින් ආහාර ජීර්ණ ගැටළු පහසුවෙන් වළක්වා ගත හැකි අතර ආහාර ජීර්ණ පද්ධතියෙන් විෂ ඉවත් කිරීමද සිදු කරනවා.

- සුවපත් කිරීමේ හැකියාව

🟣 පෙරුම්කායම් තලපයක් ලෙස සාදා තුවාල මත ගැල්වීමෙන් තුවාල වලටද ක්ෂණික සුවයක් ලැබෙන බව සඳහන්.

- පණු අමාරුවට ප්‍රතිකර්මයක් ලෙස

🟣 පෙරුම්කායම් වල ඇති සැර සුවඳ මගින් පණුවන් පලවා හැරීමේ හැකියාව පවතිනවා. ඒ සඳහා පෙරුම්කායම් ස්වල්පයක් උණුසුම් ජලය සමඟ මිශ්‍ර කරලා රෑ නින්දට කලින් බොන්න.

- කෘමී දෂ්ඨ කිරීම් සඳහා

🟣 පෙරුම්කායම් වලින් කෘමී දෂ්ට කිරීම් සුව කිරීමේ හැකියාව තියෙනවා. ඒ අනුව සුදුළූණු සහ පෙරුම්කායම් එකට අඹරා තලපයක් සාදා කෘමී දෂ්ඨ කළ ස්ථානයේ ආලේප කරන්න.  

- හිසරදය සමනය කරයි

🟣 පෙරුම්කායම් වල සමනය කිරීමෙ ගුණය නිසා එය හිසෙහි රුධිර නාල වල දැවිල්ල අඩු කර හිසරදය සමනය කරනවා.

🟣 පෙරුම්කායම් ටිකක් වතුර ටිකක දියකර එය රත් කර දිනකට කිහිප වරක් පානය කරන්න.

- ඔසප් වේදනා සමනය කරයි

🟣 ඉණ සහ පහළ උදරය වටා වේදනා සංවේදනය අඩු කරයි.

🟣 එළකිරි තේ කෝප්පයකට දෙහි බින්දු ටිකක් දමාගෙන, එයට පෙරුම්කායම් ස්වල්පයක්, උළුහාල් කුඩු ටිකක් සහ ලුණු කුඩු ටිකක් මිශ්‍ර කරගෙන ඔසප් වේදනාව ඇති විට පානය කරන්න.

- ශාරීරික යහපැවැත්ම වැඩි කරයි

🟣 පෙරුම්කායම් හෘද සෞඛ්‍යය වැඩි කිරීමට උදව් වන අතර කැස්ස සහ හුස්ම ගැනීමේ ගැටළු වලට එරෙහිව එය ප්‍රයෝජනවත් ඖෂධයක්.

🟣 මෙම කුළුබඩුව සියලුම පටක හා සෛල වලට රුධිර සැපයුම වැඩි කරන අතර සෑම සෛලයකටම අවශ්‍ය ඔක්සිජන් අන්තර්ගතය ලබා දෙනවා.

🟣 වෙහෙසට පත් පටක අලුත්වැඩියා කර තෙහෙට්ටුව අඩු කරනවා.

- ඇදුම සහ බ්‍රොන්කයිටිස් වැනි රෝග වලට

🟣 ඇදුම සහ බ්රොන්කයිටිස් යනු උග්‍ර ශ්වසන රෝග දෙකක්. පෙරුම්කායම් බොහෝ දුරට මෙම ශ්වසන සින්ඩ්‍රෝම් වලට එරෙහිව නැගී සිටිනවා.  


පෙරුම්කායම් නිෂ්පාදනය වෙන්නේ කොහොමද?

🟢 මීටර් 1.5 – 2 ක් පමණ උසට වැඩෙන බහුවාර්ෂික පැළෑටියක් වන පෙරුම්කායම් වෘත්තාකාර පත්‍ර ව්‍යුහයක් දරන අතර පත්‍ර 30 – 40ක් පමණ හට ගන්නවා.

🟢 ක‍ඳෙන් හට ගන්නා පත්‍රවල පුළුල් පත්‍ර කොපු ඇත. මල් හට ගන්නා නටු සෙ. මි. 10 පමණ ඝනකම්. මල් ළා කොළ කහ පැහැ වන අතර ශාකයේ සියලු කොටස් සැර දුගඳකින් යුක්තයි.

🟢 මෙම ශාකය ඉන්දියාවේ වගා කෙරෙන අතර ඇෆ්ගනිස්ථාන් කඳුකරයේ ආවේණික ශාකයක්.

🟢 පෙරුම්කායම් ඉංග්‍රීසි භාෂාවෙන් Asafoetida ලෙස හැඳින්වෙන අතර දෙමළ භාෂාවෙන් Perankayam නමින් හැඳින්වේ. පෙරුම්කායම්, තෙළිඟු භාෂාවෙන් Inguva ය. කන්නඩි භාෂාවෙන් Ingu ලෙස හඳුන්වයි.

🟢 ප්‍රංශ භාෂාවෙන් Mende du diable (යක්ෂයාගේ අශූචි) ඉංග්‍රීසි ඇතුළු වෙනත් භාෂාවලින් Devils dung සහ asant, Food of the Gods, දෙවියන්ගේ ආහාරයයි.

🟢 පෙරුම්කායම් ශාකයේ මුදුන් මුලෙන් නොහොත් රෛසෝමයෙන් (භූගත කඳකි) වැගිරෙන ස්‍රාවය (කිරි) විජලනය කිරීමෙන් පෙරුම්කායම් ලබාගනී.

🟢 පෙරුම්කායම් සැර ආඝ්‍රාණයක් සහිත වුවද ආහාරයට එක්කර පිසීමට ලක් කළ පසු ලීක්ස්වල රසයට සමාන මෘදු රසයක් ලැබෙනවා.  

ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW