වසන්ත මුදලිගේ සමඟ රඳවා සිටි හෂාන් ජීවන්ත ගැන අධිකරණයෙන් ගත් විශේෂ තීරණය
ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි අන්තර් විශ්ව ව්ද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරිකයකු වන හෂාන් ජීවන්ත ව නිදොස් කොට නිදහස් කර තිබෙනවා. දින 50කට පෙර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, සිරිධම්ම හිමි සහ හෂාන් ජීවන්ත ව අත් අඩංගුවට ගැනුණා.
ඒ, දින 90ක් රඳවා තබා ප්‍රශ්න කිරීම සඳහා යි. කෙසේ වෙතත් හෂාන් ජීවන්ත අද (07) තංගල්ල උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව නිදොස් කොට නිදහස් කරණු ලැබුවා. සැකකරුට එරෙහි ව කිසිදු සාක්ෂියක් නො මැති බව යි එහි දී ඔප්පු වී තිබුණේ.
උද්ඝෝෂණයකට සහභාගි වීම නිසා ඉහත පුද්ගලයන් දෙදෙනා සහ අදාළ ස්වාමීන් වහන්සේ අත් අඩංගුවට පත් වුණු අතර, උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව නියෝග කෙරුණේ, ඔවුන් දින 90ක් රඳවා ප්‍රශ්න කළ යුතු බවට යි. කෙසේ වෙතත් වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමිට තවමත් ඇප ලැබී නෑ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |