"ගොඩක් අයගේ නම් මගේ හිතේ කෙටිලා තියෙනවා, තැන් තැන් වල මට බැනපු අයට ස්තූතියි" – දගකාර සුරූපිනිය කලකිරිමෙන් රට හැරයයි..(PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Sewvandhi Nov 09, 2022 05:02 PM GMT
Report

ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘ලංවී’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයකට රංගනය කරන ඇය නමින් හර්ෂි රසාංගායි. ටික් ටොක් හරහාත් ටෙලිනාට්‍යය හරහාත් ඇයව අපිට නිරන්තරයෙන්ම දැක බලා ගන්න පුලුවන්. ඇගේ ශරීරයේ විවිධ ටැටූස් කිහිපයක්ම දාගෙන තියෙන හර්ෂි විලාසිතාවන්ට බෙහෙවින් ප්‍රිය කරන කෙනෙක්.

හර්ෂි කිව්වම අඩු වයසක සිට රංගන ක්ශේෂ්ත්‍රය තුළ ඇයව අපිට දැක ගන්න ලැබුණා. ඉතාම සුරූපිනියක් වන ඇය රංගනයෙන් දායක වුණු නිර්මාණ විදියට ප්‍රේක්ෂක අපේ ආදරය ලබා ගත් නිර්මාණ කිහිපයක් ම තිබෙනවා. ඒ අතරින් සුජාතා, අනන්තා, කුමී, සමලුන් පියාඹයි, තාදී, ලංවී, රැජිණියෝ, හිතුවක්කාරී වැනි ටෙලි නාට්‍යය ගණනාවකම ඇය දක්ෂ රංගනයක යෙදෙනවා.

ඉතින් ඇය ගැන අපිට පසුගිය දා අමුතු ආරංචියක් දැන ගන්න ලැබුණා. ගොඩක් දෙනා හිතුවේ ඇය කලා ක්ශේෂ්ත්‍රය ගැන කලකිරී කලාවෙන් ඈත් වුණා කියලයි. නමුත් ඒ ගැන ඇය සමාජ මාධ්‍ය වෙත සටහනක් දක්වමින් ප්‍රේක්ෂකයන් ව දැනුවත් කරලා තිබුණා.

” දෙයක් කියන්න ආවේ, මම අවුරුදු එකොළහක් රංගන ක්ෂේත්‍රයේ හිටියා. ඒ මගේ අම්මගෙ ආසාව නිසා. ඒත් මම මගේ රංගන කටයුතු නතර කරන්න තීරණය කළා. මගේ වැඩිදුර අධ්‍යාපනයට මම ලංකාවෙන් යනවා ලබන අවුරුද්දේ. ඉතින් ඒ නිසා මම සෑම කලා කටයුත්තක් ම නවත්තන්න තීරණය කළා.

අවුරුදු එකොළහක් මට ආදරේ කරපු අය, මට බැන බැන මං ගැන හොයපු අය හැමෝටම මම ගොඩක් ආදරෙයි. කවදාවත් ඔයාලගෙන් ලැබුණු ආදරය අමතක වෙන්නේ නෑ. ඒ වගේම මගේ හිතේ ඔයාලට තියෙන ආදරේ අඩු වෙන්නේ නෑ. මේ ගමන දි මට වචනෙකින් හරි උදව් කරපු අයට ඒ වගේම මට තැන් තැන් වල බැනපු හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ නිසා මම ඒ දේවල් වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මට වචනෙකින් හරි උදව් කරපු අයගෙ නම් මගේ හිතේ කෙටිලා තියෙනවා හැමදාම. ‘’


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGallery