මත්පැන් පානය කරන අය අනිවාර්යයෙන් මේ ගැනත් දැනගන්න..මොකද්ද මේ මත්පැන් නිෂ්පාදකයන් කළ වැඩේ..
සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් ව්‍යාජ ස්ටිකර් අත්අඩංගුවට ගත්තේ මත්පැන් නිෂ්පාදකයන් සහ ඇතැම් සුරාබදු නිලධාරීන් අතර වූ අභ්‍යන්තර මුදල් ගනුදෙනුවක් මත ඇති වූ ආරවුලක් නිසා බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කර සිටිනවා.
විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවට සම්බන්ධ වෙමින්, ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ ය.
එහිදී හර්ෂ ද සිල්වා මහතා සඳහන්කර සිටියේ, ව්‍යාජ ස්ටිකර් ජාවාරම පවත්වාගෙන යෑම සඳහා ඇතැම් නිලධාරීන්ට ගෙවිය යුතු අල්ලස් මුදල් ලබානොදීම නිසා සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය සතියේ ව්‍යාජ ස්ටිකර් සම්බන්ධව වැටලීම් කළ බවයි.
මේ ගැන වැඩිදුරටත් අදහස් දැක්වූ හර්ෂ ද සිල්වා මහතා,
''පසුගිය සතියේ සුරාබදු දෙපාර්තමේන්තුව ව්‍යාජ ස්ටිකර් සම්බන්ධව සිදුකළ වැටලීම්වල තොරතුරු එළියට දුන්නේ නෑ. ඒකට හේතුව තමයි මේ වැටලීම් සිදුකළේ මේ ආයතන බයකරලා යම් මුදලක් ලබාගැනීමේ අරමුණින් වීම.
ගෙවිය යුතු මුදල් නොලැබීම නිසා මේවා අල්ලලා ඊට පස්සේ යටින් මුදල් ගනුදෙනුවක් එක්ක සැලසුමක් හදාගන්නවා මේවා සමථකරණයට ලක් කරලා ප්‍රශ්නය විසඳලා දෙන්නම් කියලා.
ගිය පාර කළෙත් මේකමයි. කිසි ලෙසකින් අපි මේවා සමථකරණය යටතේ නිදහස් කරන්න දෙන්නෙ නෑ. හරිනම් අල්ලපු උදවියව ඉදිරිපත් කරන්න ඕනේ නීතිය හමුවට. තාම ඒ නිෂ්පාදකයන් ඉදිරිපත් කරලා නෑ.''