තවත් ඇමතිධූර 50ක්?...ඉන්ධන පෝලිමකින් මතුවූ අමුතුම කතාවක්.(VIDEO)

Gotabaya Rajapaksa Ranil Wickremesinghe Sri Lanka Samagi Jana Balawegaya Harsha de Silva
By Aruna May 30, 2022 12:36 AM GMT
Report

තවත් පනස් දෙනෙකුට පමණ ඇමති ධුර ලබාදීමට යන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරනවා.

එසේ ඇමතිධූර ලබා දී 21 වන සංශෝධනය සම්මත කර ගැනීමට උත්සාහයක් දරන බවද හෙතෙම පැවසීය.

තම සමාජ ජාල ගිණුම් ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පල කරයි.

දේශපාලන වාසි වලට ලාබ වලට කටයුතු කරන්නේ නම් අද තමන් මුදල් අමාත්‍යවරයා බවද හෙතෙම එහිදී කියා සිටියේය.

තම මෝටර් රථයට ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන පෝලිමක සිටින අතරතුර ඔහු මෙම වීඩියෝව අන්තර්ජාලයට එක්කර තිබේ.

එම වීඩියෝව පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now