සබන් වල සැඟවුණු මාරයා ගැන ඔබ දැනුවත්ද?

By Wayomi Jan 11, 2023 12:51 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

බඩගින්නට ආහාර ගන්නවා වගේ තමා අද මිනිස් අවශ්‍යතා වල මූලික අංගයක් තමයි සබන් කියන්නෙත්. සුවඳ අනුව බ්‍රෑන්ඩ් එක අනුව, අඩංගු ද්‍රව්‍ය අනුව ඔබ විවිධ සබන් වර්ග තෝරාගන්නවා. හැබැයි ඔබ දන්නවද? මේ දේවල් විතරක් බලලා සබන් මිලදී ගන්න එක නුවණට නම් හුරු නැහැ.

මොකද ඔබ නොදන්නවා වුණාට අපි දන්න සාමාන්‍ය අමුද්‍රව්‍ය යොදාගෙන සබන් හැදුවට සමහර සබන් වර්ග වලට අපේ සිරුරට අහිතකර රසායනික ද්‍රව්‍ය එක් කරනවා. එමඟින් බොහෝ විට දිර්ඝකාලීන සෞඛ්‍ය ගැටළු ඇති විය හැකියි.

අපි බලමු මේ සබන් වල අඩංගු අහිතකර සංඝටක මොනවද කියලා.

විශේෂයෙන්ම TCC සහ TCS සංඝටක

🧽 ට්‍රයික්ලෝසන් සහ ට්‍රයික්ලෝකාබන් කියන්නෙත් මේ වගේම අපේ ශරීරයට අහිතකර සංයෝග කිහිපයක්.

🧽 මෙම රසායනිකය සම හරහා හෝ මුඛය හරහා අවශෝෂණය වෙලා සමේ රෝග හටගැනීමේ අවදානමක් තිබෙනවා.

🧽 කුඩා දරුවන්ට ආසත්මිකතා ,ඇදුම සහ දද වැනි තත්වයන් ඇති වීමේ සම්භාවිතවක් ඇත.

🧽 මෙම TCS සහ TCC ඩයොක්සයිට් සමග සම්බන්ධ වූ විට පිළිකා කාරකයක්. ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල කරයි.


පැරබන්

🧽 පැරබන් කියන දේ හඳුන්වාදෙන්නේ කල්තබා ගැනීමේ ද්‍රව්‍යයක්.

🧽 ඒ කියන්නේ ෂැම්පු,බොඩි වොෂ්,ලෝෂන්,සබන්,රැවුල බෑමේ ක්‍රීම් සහ ඩියෝඩ්‍රන්ට් වැනි දේ කල්තබා ගැනීමේ රසායනික ද්‍රව්‍යයක් ලෙසින් පැරබන් භාවිතා කරනවා.

🧽 රුධිරයට අවශෝෂණය වෙලා ශරීරයේ බොහෝ ස්වාභාවික ක්‍රියාවලියන්ට එය බලපානු ලබනවා.

🧽 හෘද ස්පන්දනය,අස්ථි සහ පටක වර්ධනයට මෙන්ම ප්‍රජනන හැකියාවටත් මෙය බලපානවා.

🧽 ඒ වගේම හෝර්මෝන අසමතුලිතතාව, ඇදුම,දියවැඩියාව,හෘද රෝග,තයිරොයිඩ් රෝග,ලිංගික දුර්වලතා,වඳභාවය සහ වෙනත් බොහෝ දේ මෙන්ම පියයුරු පිළිකා වැනි තත්වයන් පවා ඇති විය හැකියි. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW