ආණ්ඩුවෙන් ඉවත් වෙනවද..? - අමාත්‍ය හරීන් හදිසියේම ගත් දැඩි තීරණය..!

Parliament of Sri Lanka Samagi Jana Balawegaya Sri Lankan political crisis Harin Fernando
By Sewvandhi May 23, 2022 12:40 PM GMT
Report

21 වන ව්‍යස්ථා සංශෝධනය අද දිනයේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් නොකළහොත් තවදුරටත් ආණ්ඩුවේ නොසිටීමේ ස්ථාවරයේ තමන් පසුවන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

සිය අමාත්‍යංශයේදී වැඩ භාරගැනීමේ අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා. 

"අද දවස වැදගත් දවසක් වෙයි මේ දේශපාලන ස්ථාවරත්වයක් කරා ගමන් කරන අපිට. විශේෂයෙන්ම මේ රටේ ආර්ථික වශයෙනුත් සමාජීය වශයෙනුත් දේශපාලනික වශයෙනුත් රට වැටිලා තියෙන වෙලාවේ අපි අපේ තනතුරු තානාන්තර එහෙම නැත්නම් පක්ෂවලින් පිටත්වෙලා මේ දේශපාලනමය ගමනට ආවේ විශේෂයෙන්ම ලංකාවේ අනාගත දරුවෝ වෙනුවෙන් සහ මේ රට නැවත වතාවක් ස්ථාවර කිරීම වෙනුවෙන්. ඒ වගේම අද දවස විශේෂ වෙයි මේක කියන්නට ඕනේ.

අද කැබිනට්ටුවට 21 එනවා. 21 ආවේ නැත්නම් අපි මේ ආණ්ඩුවේ අද රෑම ඉන්නේ නෑ, කියන ස්ථාවරය තුළ තමයි අපි ඉන්නේ. ඒ නිසා කවුරු ගේම් ගහන්න හැදුවත් මේ රටේ මිනිස්සුන්ගේ ඉල්ලීමක්, අරගලයේ ඉල්ලීමක් තියෙනවා 21 ගේන එක. ස්වාධීන කොමිෂන් සභාවලට 19න් යන එක.

මේ රට නැවත වතාවක් ස්ථාවර වෙලා ප්‍රජාතන්ත්‍රවාදය අගයන රටක් හැටියට පත්වෙන්න නම් විශේෂයෙන්ම එය විය යුතුම එකක්. කැබිනට්ටුවට දාලා කැබිනට්ටුවෙන් සම්මත වුනාට පස්සේ ඒක පාර්ලිමේන්තුවේ තමයි තියෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ජනතාවගේ හඬට කන්දෙයි කියලා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now