ප‍්‍රධාන මෙහෙණියගෙන් අතවර. – බාල මෙහෙණියන් තිදෙනෙක් අතුරුදන් වූ හැටි.

Sri Lanka Police Sri Lanka
By Wayomi Aug 28, 2023 06:56 AM GMT
Report

බාලවයස්කාර මෙහෙනින් වහන්සේලා තිදෙනෙකු අතුරුදන් වීමේ සිදුවීමකට අදාලව කාන්තාවක් නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, 32 හැවිරිදි එම කාන්තාව නුවරඑළිය පිහිටි ඥාති කාන්තාවගේ නිවසේ සිටියදීයි.

මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේ මෙහෙණි ආරාමයකින් මෙම බාලවයස්කාර මෙහෙණින් වහන්සේලා අතුරුදහන්වූ බවට මිනුවන්ගොඩ පොලිසියට ලද පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඒ, අනුව විමර්ශනවලදී හෙළිවී ඇත්තේ අදාල ආරාමයේ වැඩ වෙසෙන ප්‍රධාන භික්ෂුණිය ගෙන් සිදු වූ බව කියන අයුතු බලපෑම් මත ඔවුන් එහි සිටි වැඩිහිටි කාන්තාවක් සමඟ ආරාමයන් පිටව ගොස් ඇති බවයි.