හමුදාවට බයේ රූ රැජිනක් පලායයි

Myanmar
By Sewvandhi Sep 29, 2022 06:12 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

මියන්මාරයේ වර්තමාන හමුදා පාලනය විවේචනය කිරීම හේතුවෙන් එරටට යෑමට නොහැකිව සිටි රූ රැජින ලෙස කිරුළ පැළඳි "හෑන් ලෙයි" නම් කාන්තාව කැනඩාවට ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

2021 වසරේදී තායිලන්තයේ පැවති රූ රැජින තේරීමේ තරගාවලියක් ජයගැනීමෙන් අනතුරුව අදහස් ප්‍රකාශ කරමින් ඇය, මියන්මාර් හමුදා පාලනය දැඩි ලෙස විවේචනය කළාය. ඒ හේතුවෙන් ඇය මෙතෙක් කල් රැඳී සිටියේ තායිලන්තයේ ය.

නමුත් පසුගියදා වියට්නාමයේ පැවති උත්සවයකට ඇය ගොස් ඇති අතර ඇයට නැවත පැමිණීමට තායිලන්ත බලධාරීන් ඉඩ නොදුනි.

ඇයව මියන්මාරයට පිටුවහල් කෙරෙතැයි සැකයක් මතු වූ අතර ඒ හේතුවෙන් ඇය බැංකොක් ගුවන්තොටුපොළේ රැඳී සිටියාය.

පසුව ඇයට රැකවරණය දීමට කැනඩා බලධාරීන් කැමැත්ත පළකර තිබුණි. ඒ අනුව ඇය ඊයේ (28) දකුණු කොරියානු ගුවන්සේවයට අයත් යානයකින් කැනඩාවේ ටොරොන්ටෝ වෙත ගොස් තිබූ බව වාර්තා විය.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now