Hair Iron එකෙන් හිසකෙස් වලට හානි වන හැටි.
දැන් හැමෝම වගේ hair iron එකක් use කරනවනේ. හැබැයි hair iron එක නිසා හෝ එය වැරදි ලෙස භාවිත කිරීම නිසා හෝ ඔබේ හිසකෙස් වලට හානි වෙන්නත් පුළුවන් බව මතක තබාගන්න. එලෙස වැරදි ලෙස hair iron එක භාවිතා කිරීම නිසා හිස කෙස් පිළිස්සී යෑම, හිස කෙස් දිරා යෑම, හිස කෙස් මැදින් කැඩී යාම, හිස කෙස් අග පැලීම, හිස කෙස් වියලී යාම, හිස කෙස් වැටීම සහ හිස කෙස් වලට මලානික පෙනුමක් ලැබීම වැනි ගැටළු ඇති වෙන්න පුළුවන්.
hair iron භාවිතයට පෙර දැනගත යුතු කරුණු.
🟡 මුලින්ම ඔබ hair iron මිලදී ගන්න කලින් පිළිගත් ප්‍රමිතියකින් යුතු, සහතික කර ඇති hair iron එකක් මිලදී ගත යුතුයි. ආවාට ගියාට, මිල අඩු hair iron මිලදී ගන්න එපා. මොකද ඒවා ගුණාත්මක බැවින් අඩුයි.
🟡 වරක් හෝ ස්ට්‍රේට් හෝ පර්ම් කළ, රසායනික ද්‍රව්‍ය යොදා වර්ණ ගැන්වූ හිස කෙස් පළුඳු වී ඇත්නම් hair iron භාවිතා කළ යුත්තේ ඉතා පරිස්සමෙන්.
🟡 hair iron එකේ උෂ්ණත්වය ගැන සැලකිලිමත් වන්න. මෙහි උෂ්ණත්වය සෑම විටම සෙල්සියස් 185ට අඩුවෙන් තබාගන්න. උෂ්ණත්වය වැඩි වන තරමට එය ඔබේ කෙස් කෙස් වලට හානි වෙනවා.
🟡 hair iron එකක් භාවිතා කරනවා නම්, hair dryer එකක් භාවිතා කිරීමෙන් වළකින්න. මොකද ඒ උපකරණ දෙකෙන්ම සිදු වන්නේ හිස කෙස් රත් කිරීම. එමඟින් හිසකෙස් වලට දැඩි ලෙස හානි වෙන්න පුළුවන්.
🟡 කිසිම දවසක තෙත හිසකෙස් iron කරන්න එපා. එය ඔබේ කෙස් පිළිස්සීමකට ලක් කෙරෙන අතර හිසකෙස් පිළිස්සුනු විට එය නැවත යථා තත්වයට පත් කළ නොහැකියි.
🟡 අපිරිසිඳු හිස කෙස් iron නොකළ යුතු අතර කෙස් iron කළ යුත්තේ ස්නානය කිරීමෙන් පසුවයි.
🟡 හැබැයි වෙළඳපොලේ හීට් ප්‍රොටෙක්ෂන් ස්ප්‍රේ තිබෙනවා. හිස කෙස් iron කිරීමට පෙර මෙය භාවිතා කිරීමෙන් හිස කෙස් වලට සිදු වෙන හානිය අවම කර ගන්න පුළුවන්.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |