Hair Colouring කරන්න කලින් ඔබ දැනගෙන සිටිය යුතුම දේවල්.

By Wayomi Jun 15, 2022 12:09 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

අපේ හිසකෙස් වලට කළු වර්ණය ලැබෙන්නේ මෙලනින් කියන සංඝටකයෙන්. මෙලනින් හිඟ වූ විට හිසකෙස් දුඹුරු සහ සුදු පැහැයට හැරෙනවා. ඉතින් ගොඩක් වෙලාවට තඹ පාට හිසකෙස් තියෙන අය වගේම කළු හිසකෙස් තියෙන අයත් උත්සහ කරනවා හිසකෙස් colour කරන්න. හැබැයි මේකට සමහරු බය වෙනවා. අතුරු ආබාධ ඇති වෙයි කියලා. එහෙමත් නැත්නම් තියෙන හිසකෙස් ටිකත් නැති වෙයි කියලා. ඒ නිසා හිසකෙස් colour කරන්න කලින් මේ කරුණු ටික දැනගෙන ඉන්න.

💁 මුලින්ම ඔබ පළපුරුදු රූපලාවණ්‍යාගාරයක් සහ ප්‍රමිතියෙන් යුතු රූපලාවණ්‍ය නිෂ්පාදන තෝරාගන්න

💁 ඉන්පසුව ආසාත්මිකතා පරීක්ෂා කරගන්න ඕන. මෙවැනි සත්කාරයක් කරන්න කලින් අනිවාර්යයෙන්ම මෙම නිෂ්පාදන ශරීරයට ආසාත්මිකතා ඇති කරවන්නේ දැයි පරික්ෂාකර බැලිය යුතුමයි. හැබැයි එහෙම නොකර කිසිම විදිහකින් colour කරන්න එපා.

💁 තමන්ගේ හිසකෙස්වලට ගැලපෙන වර්ණය තෝරගන්න.  


වර්ණ ගැන්වීමට පසු,

💁 විශේෂයෙන්ම ගැල්වූ වර්ණයේ පැහැය ආරක්ෂාකර ගැනීමට ඒවා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.

💁 මුහුදු ජලය, වඩාත් උණුසුම් ජලය, ක්ලෝරීන් මිශ්‍ර ජලය ස්නානය කරන්න එපා.

💁 සැර සබන් හෝ ෂැම්පු වර්ග පාවිච්චි කරන්න එපා.

💁 හිස කෙස් වියලනයකින් හිසකෙස් වියලන්න එපා. මේ දේවල් ගැන අවබෝධයෙන් හිසකෙස් colour කරනවා නම් බය විය යුතු නැහැ.