රාජපක්ෂගේ සිද්ධිය දුර දිග යයි - අහල පහල සිටි අයගෙනුත් වහා ප්රකාශ ගනී..
පාර්ලිමේන්තු මන්ත්රී ගුණතිලක රාජපක්ෂ මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්රීවරුන් තිදෙනෙකුගෙන් ප්රකාශ සටහන් කරගෙන ඇත.
ඒ කොටුව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ය.
එම සිද්ධියට අදාළ විමර්ශන සිදුකරන පොලිස් නිළධාරීන් විසින් පාර්ලිමේන්තු සංකීර්ණයට ගොස් අදාළ ප්රකාශ සටහන් කර ගෙන ඇති බව සඳහන් වේ.
මෙලෙස ප්රකාශ සටහන් කරගෙන ඇත්තේ එම පහරදීමේ සිද්ධිය සිදුවු බව කියන අවස්ථාවේදී ඒ අසල රැඳී සිටි මන්ත්රීවරුන්ගෙන් ය.
පසුගියදා පැවති මන්ත්රී කණ්ඩායම් රැස්වීමේ දී පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් ගුණතිලක රාජපක්ෂ මන්ත්රීවරයාට පහරදුන් බවට ඔහුගේ පුත් නිලුපුල් රාජපක්ෂ විසින් පසුගියදා පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
ඒ කොටුව පොලීසිය හමුවේ ය.
එම සිද්ධියට අදාළව ගුණතිලක රාජපක්ෂ මන්ත්රීවරයා ද ලිඛිත පැමිණිල්ලක් කොටුව පොලිස් ස්ථානයට භාර දී ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙම පැමිණිලිවලට අදාළව කොටුව පොලීසිය මෙලෙස විමර්ශනයක් ආරම්භ කර ඇත.