ඉන්දියන් රසට ගුලාබ් ජාමුන් ගෙදරදිම...

Healthy Food Recipes Sri lanka Food Recipes Sri Lanka Food Crisis India
By Subodha Jul 02, 2022 09:57 AM GMT
Subodha

Subodha

in රචනා
Report

ඉන්දියානු උප මහද්වීපයේ ආරම්භ වූ මිහිරි රසකැවිලි හෝ අතුරුපසක් වන ගුලාබ් ජාමුන් ඉන්දියාව, පකිස්ථානය, නේපාලය, මාලදිවයිනේ සහ බංග්ලාදේශයේ ජනප්‍රිය රස කැවිලි වර්ගයකි. එය පාකිස්තානයේ ජාතික අතුරුපසයි.


අවශ්‍ය ද්‍රව්‍ය:-

කිරිපිටි කෝප්ප 1

පාන්පිටි මේස හැඳි 3

යෝගට් කෝප්ප 1/2

ලුණු ස්වල්පයක්

බැදීමට තෙල් 

බේකින් සෝඩා තේ හැඳි 1/2

බටර් හෝ ගී ඔයිල් මේස හැඳි 1


සිනි සිරප් එකට :-

සීනි කෝප්ප 1

වතුර කෝප්ප 1 1/2

කරදමුංගු කුඩු තේ හැඳි 1/2

රෝස් වෝටර් ස්වල්පයක්


සාදා ගන්නා අයුරු :-
සීනි සිරප් එක හදාගන්න.
පෑන් එකකට වතුර හා සීනි ටික දාලා කරදමුංගු කුඩු ටික දාගන්න. රත්කරමින් සීනි ටික දියකරගන්න. සීනි හොඳට දියවුනාම රෝස් වෝටර් ටිකකුත් දමා හොදින් උණු කරන්න

ගුලාබ් ම්ශ්‍රණය

පාන්පිටි හා කිරිපිටි එකතු කරන්න. මේකට ලුණු හා බේකින් පව්ඩර් දාලා හලාගන්න. ඊලඟට මේකට යෝගට් ටික දාලා බටර් ටිකත් එකතු කරලා අනාගන්න. මේක ඇලෙනසුළු මෝළියක්. මේක පැය 1/4ක් වහලා තියන්න.

තාච්චියකට තෙල් දාලා රත්වෙනකොට ගුලබ් පොඩි බෝල හදලා අඩු ගින්දරේ හිමින් බැදගන්න. ගින්දර වැඩි කරගන්න එපා ඇතුල තැම්බෙන්නෙ නෑ. ඊලඟට ලිපෙන් බාලා ගුලාබ් ටික එහෙම්මම සීනි  සිරප් එකට එකතු කරන්න


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now


GalleryGalleryGallery